වඩා හොද කළමනාකරුවෙකු වීමට අවශ්‍ය සුදුසුකම්
 

හොද කළමනාකරුවෙකු යනු කාර්යක්ෂම සහ සඵලදායීකළමනාකරුය. මෙවැන්නෙකු තුළ තිබිය යුතු මුලික අංග 3 ක් සදහන් වේ.



  1. දැනුම Knowledge
  2. කුසලතා Skills
  3. ධනාත්මක ආකල්ප Positive Attitudes

සාමාන්‍ය ව්‍යවහාරයේ මෙම අංග 3: 3 Hs ලෙසින් නම් කරයි.


Head = දැනුම
Hands = කුසලතා
Heart = ආකල්ප


දැනුම යනු පරිසරය හා තමා පිළිබද ඇති අවබෝධයත් තොරතුරු සහිත විමත්ය.කුමක් කෙසේ කළ යුතුද යන්න පිළිබද අවබෝධය හා පළපුරුද්දයි. (Know – How and Know – What)


කුසලතා යනු කිසියම් කාර්යයක් කිරිමේ හැකියාවයි.මෙම හැකියා අන් අයගෙන් වෙන්කර හදුනා ගත හැකි සුපිරි දක්ෂතාවක් විය යුතුයි. කුසලතා සමාන්‍ය කුසලතා හා විශේෂිත කුසලතා ලෙස වර්ග කෙරේ.


ආකල්ප යනු අගනාකම් හා විශ්වාස මත පදනම් වු විවිධ දෑ පිළිබදව දරන්නා වු මානසික තත්ත්වයකි.


ඉහත දැක්වු අවශ්‍යතා පහත සටහනින්ද පැහැදිලි කෙරේ.  


              
කළයුතු දෑ                කළයුතු                  සාමාන්‍ය         විශේෂ                         පුද්ගලයන් පිළිබදව ඇති
පිළිබද දැනුම            ආකාරය                  කුසලතා        කුසලතා                       ධනාත්මක ආකල්ප
                                පිළිබද                                        භාෂාව පිළිබදව             පරිසරය පිළිබදව ඇති
                                දැනුම                    රැකියාව පිළිබදව           ධනාත්මක ආකල්ප
                                                                                 හඹායාම පිළිබදව           තමා පිළිබදව ඇති
                                                        සහයෝගිතාව පිළිබව      ධනාත්මක ආකල්ප
                                                                                විමර්ශනය පිළිබදව          කාර්ය (work)
                                                                                 ඉදිරිපත්වීම පිළිබදව       පිළිබදව ඇති ධනාත්මක
                                                                                                                      ආකල්ප


මනෝභාවාත්මක        තාක්ෂණික       මානව
    කුසලතා                   කුසලතා          කුසලතා
Conceptual              Technical       Human
      Skills                     Skills          skills


මනෝභාවාත්මක කුසලතා


තොරතුරු සැකසිම, නිවැරදි තිරණ ගැනීම පිළිබදව ඇති බුද්ධිමය හැකියාම මෙයයි. සරලව සදහන් කරන්නේ නම් තික්ෂණව සිතිමේ හැකියාවයි. විශ්ලේෂණ හා නිරිමාණාත්මක බුද්ධිමය හැකියාවයි. විධිමත් හා අවිධිමත් අධ්‍යාපන හා පුහුණුවීම් මගින් මෙම කුසලතාව සංවර්ධනය කළ හැකිය. ඉහල මට්ටම්වල කළමනාකරුවන්ට මනෝභාවාත්මක කුසලතා වැඩිපුර අවශ්‍ය කෙරේ.


තාක්ෂණික කුසලතා


කිසියම් කාර්මික ගණයේ ක්‍රියාවක් කිරිම සදහා පුද්ගලයෙකු සතු හැකියාව මෙයයි. සිතීමට නොව කාර්යය කිරිමට (Doing) ඇති හැකියාවයි. පරිඝණක ක්‍රියාකාරකම්, ගිණුම් කටයුතු, ලියකියවිලි සැකසිම වැනි කාර්යය වඩා හොදින් කිරිමට තාක්ෂණික කුසලතා උපකාරි වේ.


මානව කුසලතා


අන් අය සමග කටයුතු කිරිමට ඇති හැකිය‍ාව මෙයයි. අදාල පාර්ශව සමග හොද සම්බන්ධතා පවත්වා ගෙන යාමේ හැකියාවය. මෙම හැකියා චර්යාත්මකය.


ඉහතින් සදහන් කළ කළමනාකරණ කුසලතා ඒ ඒ කළමනාකරණ මට්ටම් අනුව විවිධ ප්‍රමාණයන්ගෙන් ප්‍රගුණ කළ යුතුය. එය පහත දැක්වෙන සටහනින් පැහැදිලි කළ හැකිය. 


මෙම සටහනින් පැහැදිලි කරනුයේ ඉහළ කළමනාකරුවන්ට වඩා සාර්ථක වීමට නම් වැඩිපුර මනෝභාවාත්මක කුසලතා අවශ්‍ය කෙරෙන බවත්, පළමුපෙළ කළමනාකරුවන්ට කාර්මික කුසලතා වැඩිපුර අවශ්‍ය කෙරෙන බවත්, මධ්‍ය මට්ටමේ කළමනාකරුවන්ට සාමාන්‍ය ප්‍රමාණයක මනෝභාවාත්මක හා කාර්මික කුසලතා අවශ්‍ය කෙරෙන බවත්, සෑම මට්ටමක කළමනාකරුවන්ට ඒකාකාර ප්‍රමාණයක මානව සම්බන්ධතා කුසලතා අවශ්‍ය කෙරෙන බවත්ය.


සමස්තයක් වශයෙන් ගත්කළ කළමනාකරුවන්ගේ කාර්යභාරය හුදෙක් “පුද්ගල” (People) හා සම්බන්ධවය. එය පුද්ගලයන් විසින්ම කලයුතු වු කාර්යභාරයකි. එසේම එය ඉතාම දුෂ්කර වු කාර්යභාරයකි. ඒ සදහා කළමනාකරුවන්ට අධ්‍යාපනික පුහුණුව හා පරිචය (පලපුරුද්ද) අත්‍යාවශ්‍යය.



  1. සාධාරණවීම
  2. කායික හා මානසික සෞඛ්‍යය
  3. උපායශීලිවීම
  4. ස්ථාවරවීම
  5. කාරුණිකවීම
  6. දයාව
  7. ආත්ම විශ්වාසය
  8. මානුෂික හැගිම් / මානුෂිකත්වය
  9. සාමාන්‍ය අවබෝධය / සාමාන්‍ය දැනීම
  10. අරමුණු පිළිබද පැහැදිලි අවබෝධය

යනාදී ගතිලක්ෂණ කළමනාකරුවන් විසින් ප්‍රගුණ කළ යුතුය. මෙවැනි ගතිලක්ෂණවලින් හෙබි දැනුම, කුසලතා හා ධනාත්මක ආකල්ප (3Hs) සහිත කළමනාකරු මිල කළ නොහැකිය. එවැන්නන් සදහා ලොව පුරා ඇත්තේ ඉතා ඉහල ඉල්ලුමකි.

(c) Shilpa Sayura Foundation 2006-2017