Henry Mint berg විසින් කරන ලද අධ්‍යනයකට අනුව කළමනාකරුවන් ඉටු කරන කාර්යයන් 10 ක් ප්‍රධාන ශිර්ෂ 3ක් යටතේ වර්ග කර ඇත.
- පුද්ගලාන්තර කාර්යභාරය Interpersonal Roles
- තොරතුරු කාර්යභාරය Informational Roles
- තීරණ කාර්යභාරය Decisional Roles
ඒ ඒ ශිර්ෂ යටතේ කළමනාකරුගේ කාර්යභාරය Mintzrberg විසින් තවදුරටත් වර්ග කර දක්වා ඇත. එකී වර්ග පහත සටහනින් පැහැදිලි කෙරේ.
අන්තර් පුද්ගල කාර්යයන්
කාර්යය | ක්‍රියාකාරකම් |
1.ආයතන ප්‍රධානියා වශයෙන් කටයුතු කිරිම | අමුත්තන් පිළිගැනීම, |
2. නායකයා වශයෙන් කටයුතු කිරීම | සහකරුවන් අභිප්‍රේරණය කිරීම, |
3. තොරතුරු හා සන්නිවේදන මගින් බාහිර සම්බන්ධතා ගොඩනැගීමට කටයුතු කිරිම | බාහිර පාර්ශව සමග සම්බන්ධතා ජාලයක් පවත්වාගෙන යාමත්, |
තොරතුරු කාර්යයන්
කාර්යය | ක්‍රියාකාරකම් |
4.නියාමනය | පරිසරය හා ආයතන ගැන හොද අවබෝධයක් ලබා ගැනිමට අවශ්‍ය ගතාරතුරු නඩත්තු කිරිම, |
5. තොරතුරු බෙදාහැරීම | රැස්වීම් පැවැත්වීම, තොරතුරු සන්නිවේදනය හා සම්බන්ධ ක්‍රියාකාරකම් |
6. මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කටයුතු කිරිම | මාධ්‍ය සදහා තොරතුරු සැපයීම, |
තීරණ කාර්යයන්
7.ව්‍යවසායක කාර්යයන් Entrepreneur | ආයතනයේ උපාය මාර්ග සංවිධානය කිරිම හා විමර්ෂණයට අදාල ක්‍රියාකාරකම් |
8. ගැටළු සමථයකට පත්කිරිමේ කාර්යය | අනපේක්ෂිත හා වැදගත් අර්බුදවලට මුහුණදීම හා ඊට අදාල වියදම් ඉදිරිපත් කිරිමට අදාල ක්‍රියාකාරකම් |
9. සම්පත් බෙදාහැරිමේ කාර්යය | සහකරුවන්ගේ වැඩකටයුතු සාර්ථකවිමට අවශ්‍ය අයවැය සම්පාදනය හා සම්පත් ඒ ඒ අංශවලට බෙදාහැරීමට අදාල ක්‍රියාකාරකම් |
10. කේවල කිරිම හා ගිවිසුම්වලට එළඹීමේ කාර්යය | වෘත්තිය සංගම් හා වෙනත් පාර්ශව සමග කේවල කිරිම් හා ගිවිසුම්වලට එළඹීමට අදාල ක්‍රියාකාරකම් |