කළමනාකරුවන්
 

කළමනාකරණ කාර්යයන් ඉටුකරන්නන් කළමනාකරුවන් ලෙස හැදින්වේ.කළමනාකරුවන් සතු බලතල (Authority), විශේෂඥතාව හා කටයුතුවල ස්වභාවය යන කරුණු පදනම් කරගෙන කළමනාකරුවන් වර්ග කර දැක්විය හැකිය. බලතල හෙවත් අධිකාරය අනුව කළමනාකරුවන් වර්ග 3 කට බෙදිය හැකිය.


1. අග්‍ර කළමනාකරුවන් (Top Managers)


සමස්ථ සංවිධානයේ කළමනාකරණය පිළිබදව මොවුන් වගතිව යුතුය. සංවිධානයේ ඉලක්ක නියම කිරිම, උපාය මාර්ග හා ප්‍රතිපත්ති තීරණය, ආයතනයේ සමස්ථ ක්‍රියාවලිය නිරික්ෂණය මධ්‍ය මට්ටමේ කළමනාකරුවන්ගේ කටයුතු අධීක්ෂණය මොවුන්ගේ කාර්යය වේ.


11.මධ්‍ය කළමනාකරුවන් (Middle Managers)


අග්‍ර කළමනාකාරිත්වය විසින් සංවර්ධනය කරන සැලසුම්, උපක්‍රම හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමත්, පහල කළමනාකරුවන්ගේ කටයුතු අධීක්ෂණය හා පාලනය මොවුන්ගේ කාර්යය වේ.


111.පහල හෙවත් පළමු පෙළ කළමනාකරුවන් (Lower or First Line Management)


ක්‍රියාකාරී සේවකයන්ගේ කටයුතු අධීක්ෂණය හා පාලනය මොවුන්ගේ කාර්ය්‍යභාරයයි.


මෙම කළමනාකරණ මට්ටම් පහත සටහනින්ද පැහැදිලි කෙරේ.


 කළමනාකරුවන්ගේ විශේෂඥ කේෂ්ත්‍ර අනුව කළමනාකරුවන් පහත සදහන් ලෙස වර්ග කෙරේ.


1.මෙහෙයුම් කළමනාකරු Operational Manager
නිෂ්පාදන කටයුතු සහ යන්ත්‍රාගාර අංශය සම්බන්ධව මොහු වගකියයි.


2.අලෙවිකරණ කළමනාකරු Marketing Manager
ආයතනයේ සියළුම අලෙවිකරණ කටයුතු පිළිබදව මොහු වගකියයි.


3.මූල්‍ය කළමනාකරු Financial Manager
ආයතනයේ මුල්‍ය සම්පත් පිළිබදව එනම් මූල්‍ය සම්පාදනය හා ආයෝජනයට අදාල කටයුතු මොහුගේ විෂය කේෂ්ත්‍රයයි.


4.මානව සම්පත් කළමනාකරු Human Resource Manager
ආයතනයේ මානව සම්පත් වලට අදාල කටයුතු එනම්, මිනිස්බල සැලසුම්කරණය, ආකර්ෂණය හා බදවා ගැනිම්, පුහුණුව හා සංවර්ධනය, කාර්ය්‍ය ඵලයීම, වැටුප් හාවේතන පරිපාලනය යනාදිය සම්බන්ධයෙන් මොහු වගකිව යුතුය.


5.පර්යේෂණය හා සංවර්ධනය කළමනාකරු Research and Development Manager 
ආයතනයේ විවිධ කේෂ්ත්‍රයන්ට අදාල පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාදාමයන් සැලසුම්කිරිම හා මෙහෙයවීම මොහුගේ විෂය පථයයි.


6. වෙනත්
ඉහත වර්ගවලට අමතරව මහා පරිමාණ ව්‍යාපාරවල විවිධ තනතුරු නාමයන්ගෙන් විශේෂඥ කේෂ්ත්‍ර පදනම් කරගෙන කටයුතු කරන කළමනාකරුවෝ දැකිය හැකිය.


උදා :
මහජන සම්බන්ධතා කළමනාකරු
Public Relation Manager
තොරතුරු කළමනාකරු
Information Manager

කටයුතුවල ස්වභාවය අනුවද කළමනාකරැවන් වර්ග කෙරේ. ආයතනයේ ප්‍රාථමික කටයුතු හෙවත් (Main chain Activities) ප්‍රධාන දාමයේ කටයුතු කරන කළමනාකරුවන් රේඛිය කළමනාකරුවන් (Line Managers) ලෙස හැදින්වේ. සම්පත් හෙවත් යෙදවුම් මිලට ගැනීම, නිෂ්පාදනය, අලෙවිය වැනි කටයුතු මොවුන් ඉටුකරයි.


විශේෂඥ කේෂිත්‍රවල කළමනාකරුවන්ට සහය වන කළමනාකරුවන් (Supporting) කාර්ය මණ්ඩල කළමනාකරුවන් (Staff Managers) ලෙස හදුන්වයි. ගිණුම්කරණ, මානව සම්පත්,පර්යේෂණ හා සංවර්ධන, ප්‍රචාරණ හා ප්‍රවර්ධන,වෙළෙදපොළ පර්යේෂණ, තත්ව පාලන වැනි කාර්යයන්ට මොවුන් සම්බන්ධ වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017