කළමනාකරණ ක්‍රියාවලිය
 

කළමනාකරණය පිළිබද වු ජනප්‍රිය නිර්වචනවලින් ප්‍රකාශ වනුයේ කළමනාකරණය ක්‍රියාවලියක් බවයි.සමහර ලේඛකයන් සමාජ ක්‍රියාවලියක් (Social Process) ලෙසත් අන් සමහරෙක් මෙහෙයුම් ක්‍රියාවලියක් (Operational process) ලෙසත් හදුන්වා ඇත. ක්‍රියාවලියක් ලෙස හැදින්වීමට ප්‍රධාන හේතුව වනුයේ කළමනාකරණයේ ක්‍රියා සමුදායක් අන්තර්ගතවීමයි. (Set of Activities) මෙම ක්‍රියා රාශියම ූපක්‍රියාවලි කිහිපයක් යටතේ ක්‍රමවත්ව ගොනු කර ඇත.ඒවා නම්,


1. සැලසුම්කරණ ක්‍රියාවලිය -(Process of Planning)


2. සංවිධානකරණ ක්‍රියාවලිය -(Process of organizing)


3. මෙහෙයවිමේ ක්‍රියාවලිය -(Process of Leading)


4. පාලන ක්‍රියාවලිය -(Process of Controlling)


ඉහත උපක්‍රියාවලින් : සැලසුම්කරණය (Planning) සංවිධානකරණය (organizing) මෙහෙයවිම (Leading) පාලනය(Controlling) යන කළමනාකරණය කාර්යයන් (Functions of Management)ලෙස හැදින්වේ.


ඉහත විස්තර කළ කළමනාකරණ ක්‍රියාවලිය පහත දැක්වෙන රූප සටහනින්ද පැහැදිලි කළ හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017