සංවිධානයේ ඉලක්ක ලගාකර ගැනීමට කවර ආකාරයකින් කටයුතු සිදුවන්නේද ? යන්න සොයා බැලිම පාලනය මගින් සිදුවේ. නෙඑසේ නම් සැලසුම්වලට අනුකූලව කාර්යයන් සිදුවන්නේදැයි තහවුරු කර ගැනිම කළමනාකාරිත්ව පාලනය ලෙස හැදින්විය හැකිය.
සංවිධානයේ පරමාර්ථ ලගාකරගැනිමට සම්පත් නිසිපරිදි ලබා ගන්නේද ? සම්පත් නිසිපරිදි භාවිතා කරන්නේද ? යන්න කළමනාකරුවන්ට තහවුරු කර ගැනිමට අවශ්‍ය පහසුකම් පාලනයෙන් ලබාදේ.
පාලනය සැලසුම්කරණය, සංවිධානකරණය හා මෙහෙයවීම යන සෙසු කළමනාකරණ ශ්‍රිතයන්ට සමිපව ක්‍රියාත්මක වේ. එසේම සෙසු කළමනාකරණ ශ්‍රිතයන් පාලනයට බලපාන්නක් මෙන්ම පාලනයද සෙසු කළමනාකරණ ශ්‍රිතයන්ට බලපායි.
පාලනය සඵලදායක විමට නම් එය සැලසුම්කරණය හා සමෝධාතික විය යුතුයි. එසේ වුවහොත් පමනි සැලසුම් ගත පරමාර්ථ, නියත වශයෙන් සිදුවන කාර්යයන් සමග සසදා බැලිය හැක්කේ. පාලනය ගැන Stoner and Freeman දක්වා ඇති නිර්වචනයෙන්ද ඉහත අදහස තහවුරු වේ.
“Management Control is the Process of Ensuring That Actual Activities Conform to Planned Activities”
“සත්‍ය වශයෙන් සිදුවන කටයුතු සැලසුම්ගත කටයුතුවලට අනුව සිදුවන්නේදැයි තහවුරු කරගැනිමේ ක්‍රියාවලියකි කළමනාකරණ පාලනය"