ආයතනයක සාර්ථක හෝ අසාර්ථක බව තීරණය වීමේදී සංවිධානකරණ ක්‍රියාවලිය තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරයි. ආයතනයක ඉලක්ක හා පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීම පිණිස පුද්ගලයන් හා සම්පත් අතර විධිමත් සම්බන්ධතා ගොඩනැගිම සංවිධානකරණය ලෙස සරලව හැදින්විය හැකිය.
Stoner and Freeman සංවිධානකරණය පහත සදහන් පරිදි නිර්වචනය කර ඇත.
“ආයතනයක ඉලක්ක කාර්යයක්ෂම හා සඵලදායී ආකාරයෙන් ඉටුකර ගැනීම පිණිස සංවිධානයේ සාමාජිකයන් අතර සම්පත් බෙදා හැරීම, බලතල බෙදා හැරීම හා වැඩ බෙදා හැරීම සම්බන්ධ ක්‍රියාවලිය සංවිධානකරණයයි.”
සංවිධානකරණ ක්‍රියාවලිය පහත සදහන් කාර්යයන් ඇතුලත් කෙරේ.
- ඒ ඒ සමාජිකයා විසින් පහසුවෙන් හා ක්‍රමවත්ව ඉටුකළ යුතු කාර්යයන් බෙදා දැක්වීම (Division of Work)
- කාර්යයන් ක්‍රමවත් ආකාරයට කාණ්ඩ ගත කිරිම (Departmentalization)
- කාර්ය ඉටුකිරිමට අවශ්‍ය බලතල හා වගකිම් පැවරීම (Delegation)
- වැඩ කිරිමේ නීතිරීති හා ක්‍රියා පටිපාටි තිරණය (Formalization)
- සාමාජීකයන් අතර සම්පත් බෙදාදීම (Allocation of Resources)
- පුද්ගලයන්, කණ්ඩායම් හා දේපාර්තුමේන්තු අතර කාර්ය සංවිධාන කිරිමට යාන්ත්‍රණයක් ගොඩනැගීම (Coordination)
සංවිධානයේ ඉලක්ක ලගාකර ගැනීමට අවශ්‍ය කාර්යයන් හදුනා ගැනීම (Work to be Done)