සැලසුම්කරණය අනාගතය සදහා වු ක්‍රියාවලියකි. අනාගත කාල පරිච්ඡේදයකට සුදානම් විමක් එමගින් කෙරේ. ආයතනයක තීරණ ගැනීමේ ක්‍රියාවලියේ මධ්‍යය සැලසුම්කරණයයි. අනෙකුත් කළමනාකරණ කාර්යයන් ඇරඹෙන්නේ සැලසුම්කරණයෙන් පසුවයි. සැලසුම්කරණයෙන් තාර්කික හා හොදින් සිතා බැලු කාර්යයන් සහ අරමුණු ආයතනයට ලබාදෙයි. සැලසුම්කරණ ක්‍රියාවලිය සදහා විශාල පරිශ්‍රමයක් හා අවධානයක් යොමුකලයුතු වන්නේ එමගින් ආයතනයේ සාර්ථකත්වය තහවුරු කරන බැවිනි.
Stoner and Freeman ගේ අදහස අනුව සැලසුම්කරණය යනු ආයතනයක ඉලක්ක ස්ථාපිත කිරිමත් ඒවා ලගාකර ගැනීමට යෝග්‍ය කටයුතු සකස් කිරිමත්ය.
G.A.Cole ගේ අදහස වනුයේ, සැලසුම්කරණය යනු ආයතනයක අරමුණු හෝ පරමාර්ථ තීරණය කිරීමත් ඒවා ලගාකර ගැනිමට සුදානම් වීමත්ය.
ඉහත නිරිවචනවලින් පැහැදිලි වන පොද් අදහස වනුයේ සංවිධානයකට සුදුසු පරමාර්ථ ස්ථාපිත කිරිම හා උපාය මාර්ග ස්ථාපිත ක්ර්මේ ක්‍රියාවලිය සැලසුම්කරණය බවයි.
කළමනාකාරිත්වයේ කාර්යයක් වශයෙන් සැලසුම්කරණයේ සහ සෙසු කළමනාකාරිත්ව කාර්යයන් අතර පවතින සම්බන්ධතාවය පහත සටහනින් පැහැදිලි කෙරේ.
සැලසුම්කරණ ක්‍රියාවලියේ ප්‍රධාන කටයුතු 3ක් දැකිය හැකිය.
- ඉලක්ක හා පරමාර්ථ තීරණය (Deciding The Goals and Objectives)
- ඉලක්ක හා පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීමට යෝග්‍ය ක්‍රම සහ මාර්ග තීරණය (Deciding the Way and Means)
- ක්‍රම සහ උපාය මාර්ග ලිඛිතව ඉදිරිපත් කිරිම එනම් සැලසුම පිළියෙල කිරිම (Getting Those Decisions into “PLANS”)Stoner and Freeman සදහන් කර ඇති පරිදි සැලසුම්කරණ ක්‍රියාවලිය පහත සටහනින් පැහැදිලි කෙරේ.