ව්‍යාපාර කළමනාකරණය
 

කළමනාකරණය විවිධාකාර වු විෂය කේෂ්ත්‍රයකි. එය විවිධ විෂය කේෂ්ත්‍රයන්ගෙන් උකහා ගත් දැනුම හා ක්‍රමවලින් පෝෂණ වී ඇත. විශේෂයෙන් ම ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව,මනෝ විද්‍යාව, මානව විද්‍යාව, ගණිතය, ඉංජිනේරු විද්‍යාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය වැනි විවිධ විෂයන්ගෙන් සමෝධානික වු විෂයයකි කළමනාකරණය. ඇත්ත වශයෙන්ම කළමනාකරණය පහසුවෙන් තේරුම් ගත හැක්කේ ඉහත සදහන් විවිධ විෂයන් අධ්‍යනය කළ ප්‍රමාණයටය. කෙසේ වුවද වෙනත් විෂයන්ට මෙන්ම කළමනාකරණ විෂයටම ආවේණික වු දැනුම් හා ච්න්තන සම්භාරයක් මේ වන විට පුළුල් ලෙස වර්ධනය වි ඇත.


කළමනාකරණයේ කේන්ද්‍රිය ස්ථානය (Center) සංවිධානයයි. මිනිසා සංවිධානව කටයුතු කිරිම ආරම්භ කළ කාලයේ සිටම කළමනාකරණ ශිල්ප ක්‍රම භාවිතා කර ඇත. ඒ අනුව කළමනාකරණ චින්තනයට දිගු ඉතිහාසයක් ඇත. මිනිස් සමාජයේ සංවර්ධනයත් සමග කළමනාකරණයත්, එහි අවශ්‍යතාවයත්, එහි වැදගත්කමත් දිනෙන් දින වර්ධනය වී ඇත.ඉදිරියටත් වර්ධනය වෙමින් පවතිනු ඇත. කළමනාකරණය නියත වශ්‍යයෙන්ම ප්‍රායෝගික විෂයකි.කළමනාකරණය පරිචයකි. (Management is a Practice) කළමනාකරණය තේරුම් ගත හැක්කේත් ප්‍රගුණ කළ හැක්කේත් ප්‍රගුණ කළ හැක්කේත් භාවිතය තුලිනි. සමාජයේ ස්ථාපිත වි ඇති ඕනැම සංවිධානයක් ඉටුකර ගැනිමට අපේක්ෂා කරන අරමුණු හා පරමාර්ථ සාක්ෂාත් කර ගැනිමේ දි මානව සම්පත සහ සෙසු භෞතික සම්පත් මනා ලෙස ප්‍රයෝජනයට ගත යුතුය. එකි සම්පත් භාවිතා කොට කිසියම් නිමැවුමක් ලබා ගත යුතුය. යෙදවුම් (Inputs) නිමැවුම් (Output) බවට පත්කිරිමේ මෙහෙයුම් ක්‍රියාවලිය කළමනාකරණය ලෙස හදුන්වන්නේඑබැවිනි.


කළමනාකරණය මුලික වශයෙන්ම සම්පත් භ‍ාවිතයත් එමගින් නිමැවුමක් ලබා ගැනිමත් සම්බන්ධයෙන් සොයා බැලේ. ආර්ථික විද්‍යාවේදි විස්තර කරනුයේ ඕනෑම සමාජයකටම (රටකටම) පොදු වු ගැටළුව සම්පත්වල හිගකමයි. (Scarcity) හිගකම නැතහොත් සම්පත්වල සීමිත බව සදහන් කළ හැක්කේ මානව අවශ්‍යතා හා වුවමනාවලට සාපේක්ෂවයි. කිසියම් සම්පතක් වුවමනාවලට සාපේක්ෂවයි. කිසියම් සම්පතක් වුවමනාවලට සාපේක්ෂව ප්‍රමාණවත් නොවේ නම් එය හිග සම්පතකි. බොහෝමයක් සම්පතක් පරිහරණය සමග අඩු වි යන අතර, සමාජ සංවර්ධනය සමග මිනිස් වුවමනා වැඩි වි යයි. ඒ අනුවයි ගැටළුව තිව්‍ර වන්නේ මෙම භාවිතා කිරිමේ දැනුම් හා ශිල්පක්‍රම උපයෝගි කර ගත යුතුය. එවැනි වු දැනුම් හා ශිල්පක්‍රම සමුද්‍රයකි කළමනාකරණය.


කළමනාකරණයේ වැදගත්වීමටත්, අවශ්‍යවිටත්, මුලික හේතුව සම්පත්වල හිගකමයි. සම්පත් අසිමිතව පවතින්නේ නම් කළමනාකරණය මෙතරම් වැදගත් කොට නොසලකනු නිසැකය. ලෝකයේ සෑම රටක්ම උත්සහා කරනුයේ කිසියම් මට්ටමක ආර්ථික සංවර්ධනයත් ලගාකර ගැනිමටය. ලෝකයේ බොහෝ රටවල ජනගහනය දිනෙන් දින ඉහළ යයි. එදිනෙදා ජීවන කටයුතු සදහා ඉල්ලුමු කරන වුවමනාවන් (භාණ්ඩ හා සේවා) දිනෙන් දින වැඩිවේ. එහෙත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සදහා අවශ්‍ය වන සම්පත් දිනෙන් දින අඩු වි යයි. මේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය තුළ “හිගකම”තවත් උග්‍ර ගැටළුවක් බවට පත්වේ. සම්පත් හිගකම මෙසේ උග්‍රවන විට සම්පත් වඩා හොදින් එනම් අරපිරිමැසුම් ලෙස භාවිතා කිරිමේ අවශ්‍යතාවය පැනනගි. අතිතයට වඩා වර්තමානයේ ද, වර්තමානයට වඩා අනාගතයේ ද සම්පත්වල හිගකම අග්‍රවේ. ඊට සමාන්තරව ඊයෙට වඩා අදත් අදට වඩා හෙටත් කළමනාකරණයේ අවශ්‍යතාවය වැඩිවේ.


සම්පත්වල හිගකම වැඩිවන විට සම්පත් භාවිතය හා සම්පත්වල අයිතිය සදහා ඇති සාමාජිය තරගයද (Competition) වැඩිවේ. මෙම තරගකාරිත්වය පුද්ගලයන් අතරද, ව්‍යාපාර ආයතන අතරද, ජාතීන් අතරද ව්‍යාප්ත වේ. මෙම තරගයට සාර්ථකව මුහුණ දීමට නම් වඩා හොද කළමනාකරණ දැනුමක් හා කුසලතා පුද්ගලයන් තුල,සංවිධාන තුල, ජාතින් තුල තිබිය යුතුය.තරගය පදනම් කරගෙන සංවර්ධනය වු කළමනාකරණ දැනුම හා කුසලතා උපක්‍රමික කළමනාකරණය ලෙස හදුන්වයි. (Strategic Management) මෙහිදි විශේෂයෙන්ම ඉවහල් වන්නේ ඵලදායකත්වය (High Productivity) වැඩිකර ගැනීම හා පිරිවැය අඩුකර ගැනිමයි (Low Cost).මෙහිලා වැරදිම් හා නාස්තිය (අපතේ යැම්) අවමකර ගැනිම අත්‍යාවශයය. එහි ප්‍රතිඵලය වශයෙන් වැරදිවලින් තොර කළමනාකරණ ශෛලිය. (Error Free Management Style) වර්ධනය වී ඇත. එම ශෛලිය වැරදි ශුන්‍ය ගුණත්ව කළමනාකරණය (Zero – Defective Quality Management) ලෙසද හදුන්වයි. කළමනාකරණයේ මෙම සංවර්ධන රටාවන් උසස්පෙළ මට්ටමේ දී අවධාරනය නොකෙරෙන බව මෙහිලා සදහන් කරමි.


ව්‍යාපාර පරිසරයද වේගයෙන් වෙනස් වේ. පරිසරයේ නිරන්තර ඇතිවන වෙනස්වීම් (Changes) තුලින් අවස්ථා (Opportunities) ජනිතවන අතරම තර්ජනද පැන නගි. (Threats) අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමටත්, තර්ජනවලට මුහුණ දීමටත් කළමනාකරණාකාරිත්ව දැනුම හා කුසලතාව ඉවහල් වේ. පරිසරයේ දැඩි ගතික බව සමගම භාණ්ඩ හා සේවාවල ගුණාත්මකතාව (Quality) වර්ධනය කෙරෙහිද වැඩි අවධානයක් යයොමු කළ යුතුය. සම්පත්වල හිගය හා තරගය යන ගැටළුවලට ද ගුණාත්මකතාවය වර්ධනය පිළියමක් වේ. ඒ අනුව නිෂ්පාදකවල ගුණය වර්ධනය පිළිබද ගැටළුවට මුහුණ දීම සදහාද කළමනාකරණය අවශ්‍ය වී ඇත. Total Quality Management යන කළමනාකරණ කේෂ්ත්‍රය වැදගත් වී තිබේ.


සම්පත්වල හිගකම - තරගය - වැරදි හා නාස්තිය - පරිසරයයේ ගතිකබව - භාණ්ඩ හා සේවාවල ගුණාත්මකතාව සංවර්ධනය යන තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දිමට අවශ්‍ය කළමනාකරණ දැනුම්, කුසලතා හා ආකල්ප වර්ධනය වෙමින් කළමනාකරණය සැමටම අවශ්‍ය විෂයක් බවට පරිවර්තනය වි තිබේ.


කළමනාකරණයේ සංවර්ධනය පහත සදහන් සටහනින් පැහැදිලි කල හැකිය.




ව්‍යාපාරලෝකයේ දැඩි ගතික තත්ත්වයන්ට මුහුණ දීමට ගුණාත්මක වර්ධනය 



ගතික පරිසරයට මුහුණ දිමට අවශ්‍ය කළමනාකරණ ශිල්ප ක්‍රමවල වර්ධනය  



ව්‍යාපාර පරිසරයේ වේගවත් වෙනස්විම  



ගුණාත්මකභාවයේ සංවර්ධනය
Development of Quality 



වැරදි හා නාස්තිය නිසා ඇතිවන පිරිවැය දැරිය නොහැකි විම 

(c) Shilpa Sayura Foundation 2006-2017