ජාතියේ ව්‍යවසායක බැංකුව පිහිටුවීම (SME Bank)
 

කුඩා ව්‍යවසායකයින්ට සහාය වීම සදහා ජාතියේ ව්‍යවසායක බැංකුව නමින් නව බැංකුවක් උසස් තාක්ෂණ හා ජාතික ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ 2005 වසරේ ජුනි 29 දින ආරම්භ කරන ලදි. ජාතියේ ව්‍යවසායකබැංකුව මෙරට ක්‍රියාත්මක සම්ප්‍රදායික බැංකු ක්‍රමයෙන් බැහැරට රටේ ව්‍යවසායකත්වය සංවර්ධනය කිරිමේ ප්‍රධාන අරමුනින් පිහිටුවා ඇත. මෙරට කුඩා ව්‍යවසායකයන්ට ණය පහසුකම් ලබා දීමට මෙම බැංකුව මූලිකව ක්‍රියා කරනු ලැබේ.


මැණික් කැපීම හා ඒප දැමීම, විසිලුරු මසුන් අැතිකිරීම, අැගළුම්, රූපලාවන්‍ය, ඉදිකිරිම්, අාහාර සැකසීම, මෝටර් රථ අළුත් වැඩියාව, වඩු කර්මාන්තය, ලුහු කර්මාන්තය,කොණ්ඩා කැපීම, රන් අාභරණ සකස් කිරිම, රෝද පුටු නිෂ්පාදනය, වී මෝල් නිෂ්පාදනය, නව තාක්ෂණය අනුව ෆයිබර් ග්ලාස් නිෂ්පාදනය යනාදී කුඩා ව්‍යාපාර අංශ සදහා ණය පහසුකම් සැපයීමට බැංකුව ක්‍රියා කරයි. එසේ ණය පහසුකම් සැපයීම තුලින් කුඩා ව්‍යාපාර සංවර්ධනයත් එමගින් විශාල පිරිසකට රැකියා අවස්ථා ලබාදීමත්, SME බැංකුවේ පරමාර්ථයයි. මෙරට විරැකියාව දුරු කිරිමටත්, ආර්ථිකය ශක්තිමත් කිරිමටත් SME බැංකුව දායක වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. මෙම බැංකුවේ හාඛා දිවයින පුරා පිහිටුවීමටද අපේක්ෂිතය.


2005 වසෙර් රාජ්‍ය අයවැය ලේඛනය මගින් SME බැංකුව සදහා රුපියල් මිලියන 5000 ක මුදලක් වෙන්කර තිබිමද විශේෂයකි. දැනට SME බැංකුවේ ප්‍රධාන කාර්යාලය කොළඹ 2 නවම් මාවෙත් DHPL ගොඩැගිල්ලේ පිහිටුවා ඇති අතර රටපුරා ජාතික ඉතිරි කිරිමේ බැංකු ශාඛා 93 ක SME බැංකුවේ කවුළු ආරම්භ කර ඇත. මෙම බැංකුවේ ණය ලබා ගැනීමේදි ලියකියවිලි රැසක් සම්පුර්ණ කිරිමට අවශ්‍ය නොවේ. එසේම නීතිරිතිද ලිහිල්ය. ඉතා අඩු ලියකියවිලි ප්‍රමාණයක් උපයෝගී කරෙගන අඩු පොළී අනුපාතයක් මත, ලිහිල් කොන්දේසි හා නීතිරීති මත ව්‍යාපාරයේ ශක්‍යතාව අනුව කලට වේලාවට ණය පහසුකම් සැපයීම බංකුවේ අරමුණයි.

(c) Shilpa Sayura Foundation 2006-2017