සෑම ශාක සෛලයක ව්‍යුහයන් වල සමානතාවයක් තිබේ. එම මූලික ව්‍යුහයන් ශාක වල ලක්‍ෂණ අනුව වෙනස් වී ඇත. උදාහරණයක් ලෙස තාල වර්ගයේ ශාක, මුහුදු පාසි, තෘණ හා ජලජ ශාක සෛල තම මූලික ව්‍යුහයන් වෙනස් කර ගන ඇත. එහෙත් ඒවාට පොදු ලක්‍ෂණ බොහෝය. ඉන් ප්‍රධානතම පොදු ලක්‍ෂණය නම් එක් එක් සෛලය ඝන සෛල බිත්තියකින් ආවරණය වීම. එවැනි සෛල බිත්තියක් සත්ව සෛල වල නැත.
සරළම ශාක වල එක් සෛලයක් තුල ජීවන ක්‍රියාවලීන් මෙන්ම එය සංකීර්ණ වී සෑදුනු ශාකද ඇත. මෙහිදී ව්‍යුහය කුමක් උවද, සෑම ශාක සෛලයක්ම මූලික ජීවන ක්‍රියාවලි සිදු කරයි. සමහර උසස් ශාක වල පටක ක්‍රියාකාරීත්වය, ප්‍රජනක හා ප්‍රතිඋත්පාදක ක්‍රියාවලීන් විශේෂ වේ. ශාකයක කඳ, මුල්, පත්‍ර මේ අනුව හැඩ ගැසී ඇත.
සත්ව සෛල මෙන්ම ශාක සෛලද නියුක්ලික ඇසිඩ, පෝටීන, කාබෝහයිඩ්‍රේට, ලිපිඩ සහ තවත් අකාබනික සංඝටක වලින් සංයුක්ත වන අතර ඒවා සත්ව සෛල වල මූලික ආකාර වලටම සංවිධානය වී ඇත. ශාක සෛල වල ඊට අමතරව පොස්පොලිපිඩ ප්‍රෝටීන හා ප්ලාස්ටිඩ අඩංගුය (phospholipids and plastids).
ප්ලාස්ටිඩ ඉන්ද්‍රීයක වල විශේෂත්වය එවායේ අන්තර් ප්ලාස්මා පද්ධතියක් පිහිටීමය. (inner membrane system). ක්ලෝරපිල් සහ අන් වර්ණක අන්තර් ප්ලාස්මාවට සංඝතව පිහිටයි.