- මූල්‍ය දුෂ්කරතා-කුඩා ව්‍යවසායෙකුට යම් ව්‍යාපාරයක් ඇරඹිම උදෙසා අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයා ගැනීමට ඇති මාර්ග සීමිතය. මහා පරිමාණ ව්‍යාපාරවලට මෙන් ප්‍රාග්ධන වෙළද පොළ (කොටස් වෙළද පොළ) මගින් අරමුදල් සපයා ගැනීමේ හැකියාව නොමැත. බැංකුවලින් හෝ ණය මුදලක් ලබාගැනීමේදිද යම් යම් ගැටළුවලට මුහුණ පෑමට සිදුවේ. විශේෂයෙන්ම බැංකු වැනි මූල්‍ය ආයතන ඉල්ලා සිටින සුරැකුම් ඉදිරිපත් කිරිමට කුඩා ව්‍යාපාරිකයාට හැකියාවක් නොවේ. මෙයට විසදුමක් වශයෙන් කුඩා ව්‍යාපාරිකයන්ට ණය පහසුකම් දිමේ අරමුණ ඇතිව ජාතියේ ව්‍යවසායක බැංකුවක් (SME Bank) 2005 ජුනි 29 දින විවෘත කෙරින.
- ව්‍යාපාර සැලසුම නොමැතිවීම-මෙරට කුඩා ව්‍යාපාර බොහොමයක් ක්‍රමවත් ව්‍යාපාර සැලසුමකට අනුව ක්‍රියාත්මක නොවේ. කළමනාකරණය පිළිබදව ඇත්තේ අඩු සැලකිල්ලකි. කළමනාකරණ ශිල්පක්‍රම පිළිබදව කුඩා ව්‍යවසායකයා සතු දැනුමද අල්පය. මේ නිසා ප්‍රාග්ධන ගැටළු, නිෂ්පාදන ගැටළු යනාදිය හමුවේ ව්‍යාපාරය අසාර්ථක වේ.
- යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම-කුඩා ව්‍යාපාර වැඩි ගණනක් ග්‍රාමීය හා අර්ධ නාගරික මට්ටමින් ස්ථානගත වී ඇත. එම ප්‍රදේශවල විදුලිය, ප්‍රවාහනය වැනි යටිතල පහසුකම් අවශ්‍ය ප්‍රමාණයට සංවර්ධනය වී නැත. යටිතල පහසුකම්වල ඌනතාවය නිසාම කුඩා ව්‍යාපාරවල නිෂ්පාදන හා සෙසු පිරිවැය ඉහල මට්ටමින් පවති. නිෂ්පාදිතවල මිල ඉහලයාමෙන් අලෙවිකර ගැනීමේ ගැටළුවට කුඩා ව්‍යාපාරිකයාට මුහුණ දීමට සිදු වී ඇත.
- නව තාක්ෂණය යොදා නොගැනීම-පවුල, කුලය හෝ සමාජය මුලිකව ඇති වු මෙරට බොහොමයක් කුඩා ව්‍යාපාර නිෂ්පාදන කටයුතු සිදුකරනුයේ පාරම්පරික හා සම්ප්‍රදායික ක්‍රම මතයි. නිෂ්පාදන පුළුල් කිරිමට, පිරිවැය අවම කර ගැනීමට එම ගතානුගතික ක්‍රම ඉවහල් නොවේ. නව තාක්ෂණය සිය නිෂ්පාදන සදහා සංයෝග කර ගැනීමට අවශ්‍ය පුහුණුව කුඩා ව්‍යාපාරිකයාට ලබා දිය යුතුව ඇත. වර්තමාන වෙළද පොළ අවශ්‍යතා හා වුවමනාවන්ට ගැලපෙන ලෙස සිය නිෂ්පාදන සැලසුම් කර ගැනීමට අවශ්‍ය දැනුම හා කුසලතා කුඩා ව්‍යාපාරිකයාට ලබාදීම අවශ්‍යව ඇත. එවිට නිෂ්පාදිතයන්ගේ නිමාවක්, ගුණාත්වයත් වැඩි දියුණු කර ගැනීමට කුඩා ව්‍යාපාරිකයාට හැකි වනු ඇත.
- වෙළද පොළ ගැටළු-මෙරට පවත්නා විවෘත ආර්ථික ක්‍රමය තුල කුඩා ව්‍යාපාරිකයාට මුහුණ දීමට ඇත්තේ තරගකාරී වෙළද පොළකටයි. තරගකාරී වෙළද පොළක් තුල කටයුතු කිරිමට අවශ්‍ය කරන දැනුම හා හැකියාව ඔවුන්ට නොවේ. භාණ්ඩ විශේෂිකරණය, ප්‍රවර්ධන උපාය මාර්ග, බෙදා හැරීමේ උපාය මාර්ග පිළිබදව කුඩා ව්‍යාපාරිකයා දැනුවත් කළ යුතුව ඇත. නව වෙළද පොළවල් සොයා ගැනීමට විශේෂයෙන් විදේශ වෙළද පොළට ඇතුලුවීමට අදාළ වන උපාය මාර්ග පිළිබද දැනුමක් ලබා දිය යුතුව ඇත.
- පරිසරයේ ඇතිවන වෙනස්විම් පිළිබදව දැනුවත් නොවීම-ව්‍යාපාරික පරිසරය නිරන්තර වෙනස්වීම්වලට භාජනය වේ. ආර්ථික, තාක්ෂණික, සාමාජීය වැනි කේෂ්ත්‍රයන්ගේ වෙනස්වීම් ඒ අතුරින් විශේෂයි. වෙනස්වන පරිසරයේ ඉස්මතුවන අවස්ථා (Opportunities) හදුනා ගෙන ඉන් ප්‍රයෝජන ගැනීමට කුඩා ව්‍යාපාරිකයා දක්ෂ විය යුතුය. එපමණක් නොව වෙනස්වීම් සමග ඇතිවන තර්ජනද හදුනාගෙන ඒවාට සාර්ථකව මුහුණ දීමේ පුර්ව - සුදානමක් කුඩා ව්‍යාපාරිකයා සතුවිය යුතුයි.ඒ අනුව ව්‍යාපාරික අවදානම් අවම කර ගත හැකියි. මෙරට බොහොමයක් කුඩා ව්‍යාපාරිකයන්ට මෙම හැකියාව නොමැත. එබැවින් පරිසරයේ ඇතිවන වෙනස්වීම් සමගම ව්‍යාපාරයද ගැටළුවලට මුහුණ දෙයි.