වෙළදපොළ තුළ පවත්නා කුඩා පරාශවලින් (Niche) ප්‍රයෝජන ගැනීමට ව්‍යවසායකයින් කුඩා ව්‍යාපාරවලට ඇතුලත් වේ. මහා පරිමාණ ව්‍යාපාරිකයෝ එවැනි කුඩා පරාශ (Gaps) කෙරෙහි උනන්දු නොවෙති. ඔවුන්ගේ ආයෝජනයට සාපෙක්ෂව කුඩා ව්‍යාපාරවලින් ලැබිය හැකි ලාභය ප්‍රමාණවත් නොවීම ඊට හේතුවයි. මහා පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරිමට අදියර කිහිපයක් පසුකළ යුතුයි. එහෙත් කුඩා ව්‍යාපාර ඉක්මනින් ආරම්භ කළ හැකි බැවින් වෙළදපොළෙ පවත්නා කුඩා අවස්ථාවලට ඉක්මනින් පිවිසිය හැකිය. කුඩා ව්‍යාපාරවලින් වැඩි ප්‍රමාණයකට රැකියා උත්පාදනය කිරිමද කළහැකි බැවින් රජයන්ද කුඩා ව්‍යාපාර දිරිමත් කරයි. දියුණු රටවල පවා නව රැකියාවලින් 90%ක්ම උත්පාදනය වනුයේ කුඩා ව්‍යාපාරවලින් බව තහවුරැ වී ඇත. එපමණක් නොව අද පවත්නා තොරතුරු යුගය තුල තනි ගණුදෙනුකරුවන්ට (Individual Customer) භාණ්ඩ හා සේවා ඉදිරිපත් කිරිමේ ප්‍රවනතාවයක් පවති. මෙය ගණුදෙනුකරු සංකල්පය ලෙස (Customer Concept) හදුන්වයි.
ගණුදෙනුකරු සංකල්පය තුල වඩා වැදගත් වනුයේද කුඩා ව්‍යාපාරයි. කුඩා ව්‍යාපාරිකයාට ඒ ඒ ගණුදෙනුකරුට වඩා සමීප වීමේ හැකියාව ඇත. ගණුදෙනුකරුට වඩා සමිප වීමේ හැකියාව ඇත. ගණුදෙනුකරුවන් ප්‍රමාණය කුඩාවීම නිසා වඩා සමීප සම්බන්ධතා පවත්වා ගෙන යා හැකිවන අතර ගණුදෙනුකරුවන්ගේ වුවමනා ගැනද වඩා හොදින් අධ්‍යනය කළ හැකි වේ. මහා පරිමාණ ව්‍යාපාරිකයින් විසින් සැලකිලිමත් නොවන වෙළදපොළ තුල පවත්නා කුඩා අවස්ථාවලින් ප්‍රයෝජනය ගැනීම සදහා ලෝකයේ සෑම ආර්ථිකයකම පාහේ කුඩා ව්‍යාපාර පවත්වා ගෙන යනු දැකිය හැකිය. එපමණක් නොව උසස් තාක්ෂණය යොදාගෙන කටයුතු කරන මහා පරිමාණ ව්‍යාපාරවල පැවැත්මටද කුඩා ව්‍යාපාර උපකාරි වේ. එනම් මහා පරිමාණවලට අවශ්‍ය යම් යම් සේවා සැපයීම් මෙන්ම ඊට අවශ්‍ය අමතර කොටස් (Parts) නිෂ්පාදනයද සුළු ව්‍යාපාරිකයා අතින් සිදුකෙරේ.
කුඩා ව්‍යාපාරවලින් ජාතික නිෂ්පාදනයට ලැබෙන දායකත්වය, සේවා නියුක්තිය, ආයෝජනය, සම්පත් භාවිතය යනාදි ආර්ථික දත්ත ලබා ගැනීම සදහා කුඩා ව්‍යාපාර වෙන්කොට හදුනා ගැනිම අවශ්‍යවේ.මෙහිලා විවිධ නිර්නායක භාවිතා කෙරේ.මෙම නිර්ණායක රටින් රටට ඒකාකාරී නොවේ.ප්‍රමාණාත්මක නිර්ණායක මෙන්ම ගුණාත්මක නිර්ණායක ඒ සදහා යොදා ගෙන ඇත.