කළමනාකරණ ශිල්පීය ක්‍රම පිළිබදව ව්‍යවසායකයා මනා දැනුමකින් හා පරිචයකින් යුක්තවීම අවශ්‍යය. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලනය යන කළමනාකරණ කාර්යයන් මෙන්ම නිෂ්පාදන, මූල්‍ය, අලෙවිකරණ, මානව සම්පත්, පර්යේෂණ හා සංවර්ධනය යන ශ්‍රිතයන් ලැනද මනා අවබෝධයක් ව්‍යවසායකයා සතුවය යුතුයි.
ව්‍යවසායකයාගේ නායකත්වයත්, දැක්මත් (Leadership & vision) අත්‍යවශයයි. ඒ අනුවයි ව්‍යාපාරය සේවකයන් ක්‍රියාත්මක වන්නේ.
ඉලක්ක ලගා කරගැනීමට සේවකයන් අභිප්‍රේරණය කිරිම
සේවකයන්ගේ ඉහලම දායකත්වය ලබා ගැනීමට ඔවුන් උද්දීපනය කිරිම
අනුගාමිකයන්ට ආදර්ශය දීමට
සේවකයන්ට මාර්ගෝපදේශකත්වය දීමට නායකත්වය උපකාරීවේ. ව්‍යවසායකයාගේ අභියෝගාත්මක කාර්යයකි නායකත්වය.
ව්‍යවසායකත්වයේදී නායකත්ව රටා (Leadership Styles) කිහිපයක් සදහන් කෙරේ.
1. ඒකාධිපති නායකයා - Autocratic Leader සියළුම තීරණ තමා විසින්ම ගෙන සේවකයන්ව මෙහෙයවන්නා
2. පීතෘමූලික නායකයා - Paternalistic Leaderතීරණ තමා විසින් ගනු ලැබුවේද සේවකයන්ට පියකු ලෙසසලකන්නා
3. ප්‍රජාතන්ත්‍රවාදී නායකයා - Democratic Leader තීරණ ගැනිමේදි සේවකයන්ද සහභාගි කරගන්නා
4. සමානාත්ම නායකයා - Collegial Leaderසේවකයන්ට සමානව සලකන්නා (Treating Everyone as an Equal)
5. නිර්බාධ නායකයා - Laissez – Faire Leaderසේවකයින්ට සිය කාර්යය ඉටු කිරිමේදී නිදහස දෙන්නා
සේවකයින් අතර ඇතිවන ගැටුම් නිරාකරණය කිරිමේ ශක්තිය හා දක්ශතා ව්‍යවසායකයා සතු විය යුතුයි. (Conflict Resolution) ගැටුම්කාරී අවස්ථාවල දෙපාර්ශවයටම ඇහුම්කන් දීමේ හැකියාව ව්‍යවසායකයා සතුවිය යුතුයි. ගැටුම හා ඊට හේතු අවබෝධ කර ගැනීමට ව්‍යවසායකයා දක්ෂ විය යුතුය. ගැටුම්කාරී තත්ත්වය පහව නොගිය හොත් ව්‍යාපාරයේ දියුණුවට එය තර්ජනයකි. ව්‍යාපාර කටයුත්වලට එය බාධාවකි. එබැවින් එවැනි ගැටුම් සමතයකට ගෙන ඒමට ව්‍යවසායකයා දක්ෂ විය යුතුයි.
ගැටුම් කළමනාකරණය කිරිමේ රටා පහක් ව්‍යවසායකත්වයේ දී සදහන් කෙරේ.
1. ඉබි රටාව The Turtle (Withdrawing)
ගැටුමකදී ඉබ්බා උෙග් කටුව ඇතුලට යාමට මෙය සාමාන කෙරේ. ගැටළුවට මුහුණ නොදී ඉන් පිටමන් වීමේ ක්‍රමයකි මෙය.
2. තල්මස් රටාව The Shark (Forcing)
බලය පාවිච්චි කර ගැටළු විසදීමේ ක්‍රමය.
3. සමතය කිරිමේ රටාව The Teddy Bear (Smoothing)
සම්බන්ධතා පවත්වාගෙන යමින් සමකාමීව ගැටළ විසදීමේ ක්‍රමය.
4. එකගතාවට පැමිණීමේ රටා The Fox (Compromising)
දෙපාර්ශවය එකගතාවයට ගෙන ඒම තුලින් ගැටුමවිසදීම.
5. දෙපාර්ශවටෙම ජය ලබා දීමේ රටාව The Owl (Confronting)
දෙපාර්ශවයේමඉලක්කඉටුවනආකාරයට විසදුමක් ලබාදීම.
