මූල්‍යය
 

ව්‍යාපාරයේ සාර්ථකත්වය සදහා මූල්‍ය සැලසුම් තීරණාත්මක සාධකයකි. ව්‍යවසායකයා ඊට අදාල කුසලතාවලින් යුක්ත වීම වැදගත්ය. එසේ නොවේ නම් උපදේශනය ලැබිය යුතුය. (Consultancy Service)


මූල්‍ය පරමාර්ථ ස්ථාපිත කර ගැනීම
අයවැය සම්පාදනය
ආදායම් වියදම් ඇස්තමේන්තු
මුදල් ප්‍රවාහ පුරෝකථන
ආරම්භක පිරිවැය හා ක්‍රියාකාරි වියදම් ගණනය

ආදයම් ප්‍රකාශන හා ශේෂ පත්‍ර පුරෝකථන -යනාදි කටයුතු මෙහිලා අතිශයින් වැදගත්ය.


අවශ්‍ය කරන අවස්ථාවකදි අවශ්‍ය අරමුදල් වඩා වාසිදායක වන ආකාරය ලබා ගැනීමට ව්‍යවසායකයා දක්ෂ විය යුතුය. විශේෂයෙන් ණය මුදල් ලබා ගැනීමට ව්‍යවසායකයා පුර්ව සුදුසුකමක් හෙවත් පරිසරයක් ගොඩනගා ගත යුතුයි. සාමාන්‍යයෙන් ණය සපයන්නන් ව්‍යවසායකයන්ගේ යම් ගුණාංග ගැන අවධානය යොමු කරයි.


ණය සදහ‍ා වු C – 6 ලෙස මෙය ප්‍රකාශිතය.


(The SIX C’s of Credit)


Character              - ව්‍යවසායකයාගේ චරිත ලක්ෂණ, එනම් අවංකභාවය,
                                 විශ්වාසදායකබව


Capital                   - ව්‍යවසායකයා විසින් ව්‍යාපාරය තුල කර ඇති ආයෝජනය
                              
Collateral               - ව්‍යවසායකයා‍ෙග් පෞද්ගලික වත්කම්


Capacity                 - ව්‍යාපාරය කළමණාකරණය සදහා ව්‍යවසායකයා සතු හැකියාව


Circumstances       - ව්‍යවසායක ව්‍යාපාරයේ නිෂ්පාදනයේ ස්වභාවය, තරගය, රටේ
                                   ආර්ථිකයේ තත්වය, උද්ධමන අනුපාත යනාදි තත්වයන්


Coverage               - ව්‍යවසායක ව්‍යාපාරය ලබා ඇති රක්ෂණ ආවරණ

(c) Shilpa Sayura Foundation 2006-2017