සම්පත් ( Resources)
 

ව්‍යාපාර නිර්මාණයේදි ආරම්භයේ සිට ක්‍රියාත්මකව පවත්වාගෙන යාම දක්ව‍ා විවිධ සම්පත් අවශ්‍යය. ගොඩනැගිලි, ලී බඩු, උපකරණ, සැපයුම්, ආරම්භක පිරිවැය, සේවකයින් යනාදි සම්පත් අවශ්‍යය. මෙසේ අවශ්‍ය සම්පත් අත්පත් නර ගැනීම එක්තරා අභියෝගකාරී කාර්යයකි. පහතින් සදහන් කළ විවිධ වත්කම් හා පිරිවැය දැරීමට අරමුදල් සපයා ගැනීම ව්‍යවසායකයාගේ කාර්යයක් වේ. සාමාන්‍යයෙන් මෙම සම්පත් කොටස් 3කට වර්ග කරයි.


1. ප්‍රාග්ධන භාණ්ඩ (Capital Goods)


මේවා මිල අධිකය, කල්පවතී, ක්ෂයවේ, යල්පනී, ඉඩම්, ගෙ‍ාඩනැගිලි, ලී බඩු, උපකරණ, සවිකිරිම් මීට ඇතුලත්ය.


2. වියදම් (Expense Goods)


ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යන විට පරිභෝජනය කරන අන්තර්භාණ්ඩ එනම් අමතර කොටස්, සැපයුම්, විදුලිබලය, ජලය වැනි සේවා, අමුද්‍රව්‍ය යනාදියයි.


3. මානව සම්පත් (Human Resources)


උපදෙස්, උපදේශන සේවා, තැරැව්කරැ සේවා, හවුල්කරැවන්, කොටස්කරැවන්, සේවකයින් යනාදි මෙයට ඇතුලත්ය.


නිෂ්පාදන ක්‍රියාවලිය Operations


නිෂ්පාදන ක්‍රියාවලියේ අන්තර්ගතය ව්‍යවසායකත්වයේ P – 6 යටතේ විස්තර කළ හැක. (6 P’s of Entrepreneurship)


නිෂ්පාදනය කිරිම          - Production
සේවකයින්                   - People
ඵලදායකත්වය              - Productivity
මිල                               - Price
ප්‍රවර්ධනය                    - Promotion
ලාභය                           - Profit
            
ලාභය ව්‍යවසායකයාගේ ප්‍රධාන ඉලක්කයයි. සම්පත් ආයෝජනයේ දිරිගැන්වීම් ලාභයයි. ව්‍යාපාර ආරම්භ කිරිමේ අරමුණු ලාභයයි. ඉතා සුළු ප්‍රමාණයක් වු ලාභ අපේක්ෂා නොකරන ව්‍යාපාර හැරැණු විට සෙසු බොහොමයක් ව්‍යාපාරවල ප්‍රධාන ඉලක්කය වන්නේ ලාභයයි. සමාජ සේවා ඉටුකරනු ලබන ලාභ සදහා ලාභ ලැබිය යුතුව ඇත.

ගණුදෙනුකරැවන්ගේ අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරිමට භාණ්ඩ හා සේවා උත්පාදනයට සම්පත් ප්‍රයෝජනයට ගැනීම නිෂ්පාදනය ලෙස නම් කළ හැකිය. අමුද්‍රව්‍ය, උපකරණ, සේවකයින් යනාදි සම්පත් සංවිධානය කිරිම ව්‍යවසායකයාගේ කාර්යභාරයයි.


සම්පත් කාර්්‍යක්ෂම ලෙස යොදවමින් පිරිවැය අවම කරමින් ඵලදායකත්වය නංවාලීමට ව්‍යවසායකයා සමත් විය යුතුය.


එදිනෙදා ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාමටත් ව්‍යාපාරයේ එදිනෙදා සාර්ථකත්වය සදහාත් කුසලතා පුර්ණ සේවකයින් යොදා ගැනීමට ව්‍යවසායකයා සමත් විය යුතුය. ව්‍යාපාරය ඇපකැප වී කටයුතු කරන සේවකයන් තෝරා ගත යුතුය.


Good employees should be considered the most valuable asset if the new venture is going to succeed.


සේවකයන් සදහා වැටුප් හා වේතන මෙන්ම වෙනත් ප්‍රතිලාභද ලබා දීමට ව්‍යවසායකයා කටයුතු කළ යුතුය. (Salary and wages fringe benefits) එපමනක් නොව සේවකයන්ට ව්‍යාපාරයේ ලාභය භුක්ති වීදිමටද (Profit Sharing) අවස්ථාව සැලසීම වැදගත්ය.

(c) Shilpa Sayura Foundation 2006-2017