ව්‍යාපාර නිර්මාණය
 

ව්‍යවසායක කුසලතා භාවිතා කරමින් නව ව්‍යාපාරයක් නිර්මාණය කිරිවම් ව්‍යවසායකත්ව ක්‍රියාවලියට : අගනාකම් සමුද්‍රයක් (Set of values), හැකියාවන් (Ability), සමස්ථ සැලැස්මක් (Overall plan) සහ ක්‍රියාත්මක කිරිමේ පටිපාටි (Procedure of action) ඇතුලතු වේ. ව්‍යාපාර නිර්මාණයේදී ධනාත්මක ප්‍රතිඵල ලබා ගැනීමට දැනුම පමණක් නොව, අදාල කුසලතා හා අ‍ාකල්ප අවශ්‍යවේ. ව්‍යාපාර නිර්මාණය පියවරෙන් පියවරට විස්තර කළ හැක්කක් නොවේ. විචාරාත්මක චින්තනය, තීරණ ගැනීම, විනයානුකූල චර්යාව, නිර්මාණ චින්තනය, ක්‍රමවත්බව මේ සදහා අවශ්‍යය.


ව්‍යාපාර නිර්මාණය, ආකෘතියක් මගින් පැහැදිලි කළ හැකිය. (Venture Creation Model) මෙම ආකෘතිය බයිසිකලයකට සමාන කර දැක්විය හැකිය. 


ව්‍යාපාරයේ පදනම /අත්තිවාරම නිර්මාණය වී ඇත්තේ Hub සහ Spokes වලින් රොදයට ශක්තිය හා ස්ථාවරත්වය ගෙන දෙන්නාක් මෙන් එම Spokes වල සදහන් සාධකවලින් ව්‍යාපාරයට ශක්තිය හා ස්ථාවරත්වය ගෙන දෙයි. මෙහි එවැනි සාධක 7ක් දැක්වේ.



  1. තමා                        Self
  2. අදහස්                     Ideas
  3. අවස්ථා                  Opportunities
  4. සම්පත්                   Resources
  5. නිෂ්පාදන ක්‍රියාවලිය Operation
  6. මුල්‍යය                    Finance
  7. කළමනාකරණය     Management

මෙහි දැක් වු Self /තමා නැතහොත් ව්‍යවසායකයා මෙහි මධ්‍යස්ථ (Hub එකට උපමාකරයි)සාධකයකි. ව්‍යාපාරයක් නිර්මාණයට විශාල වෙහෙසක් ඔහු දැරිය යුතුය.ව්‍යවසායකයා තමා පිළිබද දැන සිටිය යුතුය.



තමාගේ අවශ්‍යතා මොනවාද?
තමාගේ ශක්තින් හා දුර්වලතා මොනවාද?
තමාගේ ලැදියාවන් මොනවාද?
තමාගේ ඉලක්ක කවරේද?
තමාට කුමක් කළ හැකිද? කුමක් දන්නේද?
යනාදි ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු ව්‍යවසායකයා දැන සිටිය යුතුය.


අදහස් (Ideas) උත්පාදනයත්,ඒවා ඇගයීමත් අවශ්‍යය. ව්‍යවසායකයා තුල අදහස් උත්පාදනය වන්නේ ඔහුගේ මනසේ /බුද්ධියේ වර්ධනය තුලිනි. බුද්ධියේ නිර්මාණ කොටස (Creative side of the Brain) මෙහිලා මුල්වන බව මනෝවිද්‍යාත්මක මතයයි.


සමාජයේ ඇතිවන වෙනස්වීම් හා උපනතීන් (Trends) පිරික්සීම් මගින් ව්‍යවසායකයා අවස්ථා (Opportunities) හදුනා ගනි. ඇත්තෙන්ම මෙයින් ප්‍රකාශ වන්නේ වෙළදපොළක් හදුනා ගැනීමයි. අවස්ථා පවතින නිසයි අදහස් වැදගත් වන්නේ. අවස්ථා හදුනා ගත්විට ඒවා තෘප්තිමත් කිරිමට නැතහොත් පූරණය කිරිමට අදහස් ඉවහල් වේ. අදහස් සමහර විට අසාර්ථක විය හැකිය.


ප්‍රථමයෙන් ඇතිවන්නේ අදහස්ද? අවස්ථාද? මෙමප්‍රශ්නයද? ප්‍රථමයෙන් ඇති වුයේ කිකිළියද? බිත්තරයද? යන ප්‍රශ්නයට තරමක් සමානය.


සමහර අවස්ථාවල ප්‍රථමයෙන් ගැටලුවක් හදුනා ගෙන ඒ තුලින් අවස්ථාවක් දැක ඉන් අනතුරුව ගැටළුව විසදිමට අදහසක් නිර්මාණය විය හැකිය. මෙම ක්‍රියාවලිය වෙළදපොළින් ඇදි එන ව්‍යවසායකත්වය (Market Pulled Entrepreneurship) ලෙස සදහන් කෙරේ.


තවත් සමහර අවස්ථාවල ව්‍යවසායකයා ප්‍රථමයෙන් භාණ්ඩයක් හෝ සේවාවක් නිර්මාණය කිරිමේ අදහසක් ඇතිකරගෙන ඒ සදහා වෙළදපොළ අවස්ථා සොයා බලයි.මෙම ක්‍රියාවලිය භාණ්ඩ / සේවා මගින් තල්ලු වන ව්‍යවසායකත්වය (Product Driven Entrepreneurship) ලෙස සදහන් කෙරේ.



Problems = Opportunities = Ideas = Successful Ventures


ව්‍යවසායකයෝ ඇතිවන්නා වු වෙනස්වීම් විපරම් කරති. එමගින් උපතින් සටහන් කරගනිති. ඒවා අධ්‍යනය කරති. සමාජයේ අවශ්‍යතා හා වුවමනාවල වෙනස්වීම් හදුනාගෙන එයට අනුව නව ව්‍යාපාර සදහා අවස්ථා දකිති. මේ දක්වා ලෝකයේ ඇති වී ඇති වෙනස්වීම් අදියර වශයෙන් නැතහොත් රැලි වශයෙන් දැකිය හැකිය.


1.කෘෂිකාර්මික යුගය
‍2.කාර්මික යුගය
3.තොරතුරැ යුගය


ඇති වන්නා වු නව රැලි සමග නව සංකල්පද එලිදකි. එම සංකල්ප මිනිසුන්ගේ ජීවන රටාව වෙනස් කරයි. නව අවස්ථා හා ව්‍යයවසායකත්වය සදහා එමගින් දොර විවෘත වේ.


කෘෂිකාර්මික යුගය අවසානයේ සහ කාර්මික යුගය ආරම්භයේ ව්‍යවසායකයෝ විවිධාකාර භාණ්ඩ හා සේවා හදුන්වා දී ඇත. බොහෝ ව්‍යාපාර මහා පරිමාණ නිෂ්පාදනයේ නියැලින.


ප්‍රමිතිකරණය = Standardization
විශේෂිතකරණය = Specialization
ඒකාකාරිත්වය = Synchronization
මධ්‍යගතවීම = Centralization
එක් දෙයකට අවධානය = Concentration


යනාදි සංකල්ප කාර්මික යුගයේ මුල් තැනක් ගන්නා ලදි. එහෙත් අද පවත්නා තෙවැන් රැල්ල වන තොරතුරැ යුගය තුල ඉහත සංකල්පවල වටිනාකම අඩුවී ඇත. අද ව්‍යවසායකයින් සැලකිල්ල දක්වන්නේ තනි පුද්ගලයෙකු (Individual) සමාජීය අභියෝගයන් තෘප්තිමත් කිරිම කෙරෙහිය. කාර්මික යුගයේ ඇති වු යෝධ ව්‍යාපාර කුඩා කිරිමට (Downsizing) අද කටයුතු කරයි. කුඩා ව්‍යාපාර අද අගය කරයි.


වෙළදපොළ ඇති හිඩැස් (Gaps) පියවීමට කුඩා ව්‍යාපාර සමත් වී සිටි. මහා පරිමාණ ව්‍යාපාර එවැනි සුළු අවස්ථා (Little Opportunities) ප්‍රයෝජනයට ගැනීමට ඉදිරිපත් නොවේ. කුඩා ව්‍යවසායකයාට ඉක්මනින් ක්‍රියාත්මක වී වෙළදපොළ හිඩැස් සපුරාලිය හැකිය. තමාගේ යණුදෙනුකරැවන්ගේ වුවමනා නොපමාව හදුනා ගැනීමට කුඩා ව්‍යවසායකයාට හැකියාව ඇත. ඔහු ගණුදෙනුකරැවන්ට සමීප වීමත් ගණුදෙනුකරැවන් සමග සම්බන්ධතා ඇතිකර ගැනීමත් එයට හේතුවයි.

(c) Shilpa Sayura Foundation 2006-2017