ව්‍යවසායෙකුගේ පෞරුෂත්වය තේරුම් ගැනිමට ව්‍යාපාර ලෝකයේ නමක් දිනා ඇති දන්නා හදුනන ව්‍යවසායකයින් වෙන් වෙන්ව විමසිල්ලට ලක්කළ යුතුයි. වෙනසක් ඇති කිරීමට වෙළදපොළ තුල ජනිත වන අවශ්‍යතා හා වුවමනා හඹායාමට ඔවුන් කුමක් කර ඇත්ද?කුමක් කරයිද?එවිට තේරුම් ගත හැකිය. මේ සියලු ව්‍යවසායකයෝ අවස්ථා හදුනාගෙන ඒවා තෘප්තිමත් කිරිමට සිය විශේෂඥතාව, ශ්‍රමය, ද්‍රව්‍යය, මුදල් හා වෙනත් සම්පත් සිය ව්‍යාපාරයට එක්කර ගන්නා ආකාරය පිරික්සා බැලිය හැකිය. ව්‍යවසායකයා වෙනත් අය නොදක්නා දේ දකි. සොයා ගන්නා අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමට ශක්තිය හා කුසලතා ඔහු සතුය.
“Entrepreneurs are able to see what others have not seen and have the courage and skill to act on the opportunities they perceive”
ව්‍යවසායකයා යනු වෙනස්කිරිම්වල නියෝජිතයෙකි. ඔහු සිය ව්‍යාපාරය. තුල දකින අවස්ථා හදුනා ගෙන, ඒවා මැන බලා එහි අවදානම් අවම කිරිමට ක්‍රියාකරයි. අවදානම ගණනය කර පාලනය කර සාර්ථක ව්‍යාපාර නිර්මාණය කරයි.
Entrepreneurs are agents of change who make things happen.
අවස්ථා දුටුවිට ඒ සදහා ක්‍රියා කිරිමේ ශක්තිය ව්‍යවසායකයා සතුය.
When entrepreneurs see an opportunity, they have the courage to act.
එසේම ක්‍රියාකිරිමට පෙර ව්‍යවසායකයා අවස්ථා හා ඊට එරෙහිව ඇති අවදානම මැන බලයි.
Entrepreneurs carefully weigh opportunities against risk before acting.
එපමණක් නොව ව්‍යවසායකයාට පැහැදිලි දැක්මක් ඇත. ඔහු වැඩ කරන්නේ පැහැදිලිව සදහන් ඉලක්ක පෙරදැරි කරගෙනය.
Entrepreneurs have a vision. They work towards clearly defined goals.
