ආයතනයක් තුල ක්‍රියාත්මක වන ව්‍යවසායකත්වය අභ්‍යන්තර ව්‍යවසායකත්වය ලෙස හැදින්වේ. වෙනස් වන වෙළදපොළට හා තාක්ෂණයට ගැලපීමටත්, නව අවස්ථා ප්‍රයෝජනයට ගැනීමටත්, ඵලදායිතාව නංවාලීමටත්, තරගකාරිත්වයට මුහුණදීමටත් බොහෝ සමාගම් Entrepreneurial ක්‍රියාකාරකම් උනන්දු කරයි. මෙම සමාගම් සිය සංවිධාන ප්‍රතිව්‍යුහගත කිරිමෙන් ආයතනය තුල කුඩා එහෙත් නව සංකල්ප සහිත කණ්ඩායම් ඇතිකර ඔවුන්ගේ අදහස් උදහස් ලබාගෙන වෙනස් වන අවශ්‍යතාවලට ගැලපෙන පරිදි භාණ්ඩ හා සේවා ඉදිරිපත් කරයි. සමහර සමාගම් සිය සේවකයාගේ නිර්මාණාත්මක අදහස් දිරිමත් කරමින්, ඔවුන්ට ඒ සදහා ත්‍යාග පිරිනමමින් (Rewards) නව භාණ්ඩ හා සේවා ඉදිරිපත් කරයි. ආයතනය තුල සිදුවන මෙවැනි ක්‍රියාකාරකම් Entrepreneurship ලෙසට සැලකේ.
