හිග සම්පත් අරපිරිමැසුම් ලෙස නැතහොත් පිරිවැය අඩුවන ලෙස භාවිතයට ගැනීම ව්‍යවසායකයාගේ සාර්ථකත්වයට අවශ්‍යයි. පිරිවැය අඩු මට්ටම රදවා ගැනීමත් ඵලදායකත්වය උසස් මට්ටමක රදවා ගැනීමත් හිමිකාරත්ව ප්‍රාග්ධන වත්කම් අවම කර ගැනීමත් අවශ්‍යයි. (Keep Overheads low – productivity high – minimal ownership of capital assets) ව්‍යාපාරික අදහස යතාර්ථයක් කර ලැනීමට අවශ්‍ය සම්පත් ඒකරාශී කරගත යුතුවාක් මෙන්ම ඒවා මනා ලෙස භාවිතා කළ යුතුය. මේ සදහා විධිමත් ව්‍යාපාර සැලැස්මක් (Business Plan) අවශ්‍ය කෙරේ. ඇත්තෙන්ම අසීරුම කාර්්‍යය වනුයේ අදහස ක්‍රියාවට නැංවීමයි.ව්‍යාපාරය ආරම්භයයි. (Take – Off) ආරම්භ අදියර සදහා ව්‍යවසායකයාගේ පුර්ණ ශක්තිය යෙදිය යුතුය.
ව්‍යවසායකත්ව සාර්ථකත්වයට අවශ්‍ය නිපුණතා විවිධ කෝණයන්ගෙන් විමසිල්ලට ලක්කළ හැකිය. එවැනි සාධක F9 යටතේ මතකයේ රදවා ගත හැකිය.
NINE Fs
- Founder = පළමු පන්තියේ ව්‍යවසායකු නැතහොත් පුරෝගාමියෙකු සිටිම
- Focused = වෙළදපොළ අවකාශය අවශ්‍යයි.ඊට අනුව විශේෂිකරණයවිය යුතුය. (Niche Market)
- Fast = ඉක්මනින් තීරණ ගෙන නොපමාව ආරම්භ කිරිම.
- Flexible = වෙනසට ප්‍රතිචාර දක්වමින් විවෘත මනසකින් ක්‍රියා කිරිම.
- Forever Innovating= වෙහෙසකාරි නොවන නව්‍යතා සම්පාදනය.
- Flat = කළමනාකරණ මට්ටම අඩුවීම.
- Frugal = පිරිවැය අඩු මට්ටමක රදවා ගැනීම.
- Friendly = ගණදෙනුකරුවන්ට, සේවකයන්ට, සැපයුම්කරුවන්ටමිත්‍රශීලිවිම.
- FUN = තෘප්තිය හෙවත් විනෝදාස්වාදය.
