ව්‍යවසායකත්ව කුසලතා මෙන්ම කළමනාකරණ දැනුමත්, කුසලතාත්, ධනාත්මක ආකල්පත් ව්‍යවසායකත්ව සාර්ථකත්වයට ඉවහල්වේ. ව්‍යවසායකයාට අදාල කර්මාන්තයේ මෙන්ම සමාන ගණයේ කර්මාන්ත ගැන දැනුමක් හා පලපුරුද්දක් තිබිය යුතුය. ව්‍යාවාරයට පිවිස පුහුණුව හා පලපුරුද්ද (On Job Training) ලබා ගැනීමට යෝග්‍ය නොවේ. ඒ සදහා කැපකිරිමට කාලයක් ව්‍යවසායකයාට නොමැත. ඇත්තවශයෙන්ම ව්‍යාපාරයට ඇතුල්වීමට පෙර අවශ්‍ය පුහුණුව හා පලපුරුද්ද ලබා සිටිය යුතුයි. එවැනි තත්වයක් ඔහුට නොමැති නම් පුහුණුව හා පලපුරුද්ද ඇති හවුල්කරුවන් සම්බන්ධ කරගත යුතුයි. එසේ කළ නොහැකි නම් ව්‍යාපාරයට ඇතුල් නොවි සිටිම වඩා උචිතය. ව්‍යවසායකයාට හොද කේෂ්ත්‍ර වාර්තාවක් (Track Record) තිබිමද වැදගත්ය. එවැනි පසුබිමක් ඇති ව්‍යවසායකයා ගැන ආයෝජකයින්, බැංකුකරුවන් තුල ඇත්තේ ධනාත්මක ආකල්පයකි. ප්‍රාග්ධනය සම්පාදනය කර ගැනීමට, ණය ලබා ගැනීමට එවැනි ව්‍යවසායකයන්ට පහසුය.
ව්‍යවසායකයා තුල කළමනාකරණ දැනුම (Management Know How) තිබිය යුතුය. උපක්‍රමික කළමනාකරණය, මුල්‍යය, අලෙවිකරණය, මානව සම්පත් යන කෙෂ්ත්‍ර පිළිබද දැනුමක් හා පලපුරුද්දක් තිබිම අතිශයින්ම වැදගත්වේ.
