වයවසායකත්වය ක්‍රියාත්මක වන්ෙන් අවිනිෂ්චිත පරිසරයකය.ඒහි කාර්යය වන්ෙන් ෙවළද ෙපාළ පරාශයත් ගෙව්ෂණය කර ඊට ගැලෙපන නිෂ්පාදන නිර්මාණය කිරිමයි.ෙමහි ප්‍රධාන බලෙව්ග 3ක් දැකිය හැකිය.
- අවස්ථා - Opportunity
- සම්පත් - Resources
- කළමනාකරණ කණ්ඩායම - Management Team
ඉහත සියල්ල අතර දැකිය හැකි අන්තර් සම්බන්ධතාව පහත සටහනින්ද පැහැදිලි කළ හැකිය.
අවිනිෂ්විතතාව
අවිනිශ්චිත පරිසරයක් තුල ව්‍යසායකත්ව සාර්ථකත්වෙය් තීරණාත්මක අන්තර්ගතය වන්ෙන් උසස් ෙවළද ෙපාළ අවස්ථා සම්පත් සහ පළමු පන්තිෙය් කළමනාකරණ කණ්ඩායම සහිත සුපිරි ව්‍යවසායකයාය.
අවස්ථා ඇගයීම
නව ව්‍යාපාර සදහා අවස්ථා ඇගයීම කළයුතුය. එම ඇගයීම තුළින් ව්‍යාපාර අදහස ජනිතවේ. ඔබගේ ව්‍යාපාර අදහස් සාර්ථකත්වය ආරම්භයේම මැන බැලීම කළ යුතුය. සාර්ථකත්වය ආරම්භයේම මැන බැලීම කළ යුතුය. ඒ අනුවයි ඔබට ආයෝජනයින්, බැංකුකරැවන්, සැපයුම්කරුවන් ආකර්ෂණය කරගත් හැකි වනුයේ. USA වල ආරම්භ කෙරෙන නව ව්‍යාපාරවලින් 10න් 9ක්ම පළමු වසර 10 තුල අභාවයට යන බව පර්යේෂණවලින් පෙනි ගොස් ඇත. එසේ වුවද අලුතින් ආරම්භ කෙරෙන ව්‍යාපාර සියල්ලම අසාර්ථක වන බවක් මෙයින් අදහස් නොකෙරේ. ඒවා බුන්වත් නොවේ. විසිරුවානොහරි. අසාර්ථක වන ව්‍යාපාර බොහොමයක් වෙනත් මාර්ගයකට නොඑසේ නම් වෙනත් ව්‍යාපාර කේෂ්ත්‍රයකට පිවිසේ.
අවස්ථා විශ්‍ලේෂණය තුලින් කිසියම් ව්‍යාපාර අදහසක් ඇතිකර ගැනීම අවශ්‍යවේ. එසේ ඇතිවන අදහස වර්ධනය කරගැනීම වැදගත්ය. (Developing the Idea) එම අදහස ක්‍රියාවට නැංවීම අවශ්‍යයි. අදහස වෙළදපොළට ඉදිරිපත් කළ හැකි විය යුතුය. (Marketable) ගණදෙනුකරුවන් සිටිය යුතුයි. (Do You Have Prospective Customers)
අවස්ථාවක ලකිෂණ කිහිපයක් දැකිය හැකියි. එනම්,
- ආකර්ෂණීය බව
- කල් පැවැත්ම
- කලානුරූප බව
අවස්ථා, භාණ්ඩයක් හෝ සේවාවක් හා සම්බන්ධය. එම භාණ්ඩ හෝ සේවාවලින් ගැනුම්කරුවන්ට වටිනාකමක් එක්විය යුතුය.
ව්‍යවසායකත්වයේ නිර්මාණශිලී හැකියාව තුලින් ජනිතවන අදහසක් මගින් අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් භාණ්ඩ හෝ සේවා නිර්මාණය කරයි.
සුළු ආයෝජකයකින් කළහැකි විශාල අවස්ථා අත්පත් කර ගැනිමට දක්ෂ එමෙන්ම විචක්ෂණශීලි ව්‍යවසායකයාට හැකිය.
An Opportunity Has The Qualities Of Being Attractive, Durable And Timely And Is Anchored In A Product Or Services Which Create Or Ads Value For Its Buyer Or End User.
Opportunities Are Created Built Using Ideas And Entrepreneurial Creativity. Opportunities Are Situational.
අදහස ක්‍රියාවට නංවන කාලවකවානුවද වැදගත්ය. (Timing) වර්ධනය වන පිඹිදෙන ආර්ථික හෝ නැවත නැගි එන ආර්ථිකයක් (Booming or Recovering Economy) වඩා යෝග්‍යයි. කෙටි කලකට විවෘත වන වෙළදපොළ අවස්ථා (Fads) යෝග්‍ය නොවේ.
අවස්ථාවන් ආකර්ෂනීය විය යුතුයි. ප්‍රමාණවත් කාලයක් එනම් දිගුකලක් පැවතිය යුතුය.කාලානුරූප විය යුතුය. එම අවස්ථාව තුලින් ගැනුම්කරුවන්ට හෝ භාවිතා කරන්නන්ට අගයක් එකතුවන භාණ්ඩයක් හෝ සේවාවක් නිර්මාණය විය යුතුය. ව්‍යවසායකයාගේ නිර්මාණශිලී හැකියාව තුලින් එම අවස්ථා ගොඩනැගිය යුතුයි. ඇත්තෙන්ම අවස්ථාවන් අවස්ථානුකූල විය යුතුය. සුළු ප්‍රාග්ධනයකින් ප්‍රයෝජනයට ගත හැකි විශාල අවස්ථා උදාකර ගැනීමට ව්‍යවසායකයා පොහොසත් විය යුතුය.