පරිසරාත්මක සාධක
 

ව්‍යවසායකත්වය සදහා පුද්ගල ගුණාංග හා ගතිලක්ෂණ මෙන්ම බාහිර බලපෑම්ද අතිශයින් වැදගත්ය. සාමාන්‍යයෙන් බැලුවිට දැකිය හැක්කේ ලෝකයේ සමහර රටවල් තවත් සමහර රටවල් වලට වඩා ව්‍යවසායකත්වය අතින් දියුණුය. නිදසුනක් ලෙස USA වල SILICON VALLEY ප්‍රදේශය HIGH TECH සදහා ප්‍රසිද්ධය. එහි වාසය කරන බොහෝ දෙනෙක් ව්‍යාපාර කෙරෙහි උනන්දුවෙති. මෙම උනන්දුව SILICON VALLEY FEVER ලෙස ප්‍රකටය. එහි තරුණ තරුණියන් ජනප්‍රිය ව්‍යාපාරිකයන් නිරන්තර දකිති. ඇසුරු කරති. නිවසේදි හා වැඩපෙල්දී ඒවැනි ව්‍යවසායකයන් දකී. සමහර ව්‍යවසායකයන් සමීප මිතුරන්ෙව්. සමීප නැදෑයින් වේ. මුළු ප්‍රජාවම ව්‍යවසායක අැල්මක් ඇත්තෝම වෙති. සමහර පවුල්වල ළමයින් දෙමාපියන්ගේ අඩිපාරේ යමින් ව්‍යාපාරවලටම අැදී යයි. පවුල් සම්ප්‍රදායන් බිහිවී අැත. නමුත් සැමවිටම ඒවැනි පවුල් සම්ප්‍රදායන් ව්‍යවසායකත්වය සදහා අවශ්‍යම ෙනාෙව්. නිදසුනක් ෙලස MICROSOFT අයිතිකරු වන BILL GATES පවුල් සම්ප්‍රදාය අනුව උත්සහා කෙළ් නිතිඥෙයකු වීමටය. නමුත් HARVARD විශ්ව විද්‍යාලයට ප්‍රවේශ විමට ඔහුට ෙනාහැකි විය. අවසානයේ ඔහුෙග් අතිමහත් ව්‍යවසායකත්ව ගුණාංග හා ගතිලක්ෂණත්, පරිසරාත්මක බලපෑම් මතත් MICROSOFT ෙසායා ගැනීමට ඔහු ෙපළඹුනා. ලෝකයේ ධනවත්ම ප්‍රද්ගලයෙක් බවට ඔහු පත්වුණා. අැත්ත වශයෙන්ම USA වල ව්‍යවසායකත්වය ඉතා ඉහළටම වර්ධනය වීමට අාදර්ශ චරිත (ROLE MODELS) බලපා අැත. UK වල ඒවැනි ROLE MODELS දක්නට ෙනාමැත.


එබැවින් UK වල ව්‍යවසායකත්ව සංවර්ධනය USA වලට සාෙප්ක්ෂව පහල මට්ටමක පවති. USA වල සමහර විශ්ව විද්‍යාල ව්‍යවසායකත්වයසදහා නිජබිම ෙලස ප්‍රකටය. MIT (MASSACHUSETTS INSTITUTE OF TECHNOLOGY) විශ්ව විද්‍යාලය ඊට කදිම නිදසුනකි. එම ප්‍රදේශයේ ව්‍යවසායක ප්‍රාග්ධන සමාගම් ව්‍යවසායකයින් හොදාකාරව දනි. එබැවින් ප්‍රාග්ධන පහසුකම් සුලභයි. බැංකු හා ෙවනත් මූලය අායතන ෙනාපැකිලිව ණය ෙදයි. නීතිය මගින් ෙද්පළ හා බුද්ධිමය ෙද්පළ ආරක්ෂා කරයි. ඉඩම් හිමියන් සිය ෙද්පළ බදු ෙදති. ෙකටිෙයන් කිවතොත් SILICON VELLEY ප්‍රදේශයේ මුළුමහත් පරිසරයම ව්‍යාපාරවල වර්ධනයට හිතකරය.

(c) Shilpa Sayura Foundation 2006-2017