- ආත්ම විශ්වාසය (Self Confident)-අරමුණු සාර්ථක කර ගතහැකි බවට ස්වයං විශ්වාසයක් ඔහු තුළ ඇත.සිය අරමුණු සපුරා ගැනීම සදහා තාත්විකව කටයුතු කරයි.එසේම ඔහුගේ අරමුණු පැහැදිලිය.ඉලක්ක ඉටුකර ගැනීමට සෘජුව ක්‍රියාකරයි.පරාජයක් හෝ පසුබෑමක් ඇති වුවද ඉන් නොසැලේ.කණස්සල්ලට පත් නොවේ.ඕනෑම ව්‍යවසායෙකුගේ සාර්ථකත්වය පසුපස පරාජ,බිදවැටීම්,දුක් කම්කටොළු, පසුතැවිලි නැත්තේ නොවේ.ඒවා සාමාන?්‍ය දෑ ලෙස ඔහු දකි.මෙවැනි දෑ අපතේ ගිය දෙයක් ලෙස නොසලකයි.ඒවා අත්දැකීම් ලෙස ඔහු සලකයි.
- අවබෝධය (Perceptive)-ව්‍යාපාර පරිසරයේ යමක් සිදුවීමට පෙර එය සිදුවිය හැකි බව කල්ලබා අවබෝධ කරගැනීමේ ශක්තිය ව්‍යවසායෙකුට තිබිය යුතුය.මෙය දුර දකුනා නුවණ ලෙස හැදින්විය හැක.මෙවිට ඕනෑම අභියෝගවලට මුහුණ දීමේ පුර්ව සුදානමක් ඇති කර ගත හැකි වේ.ඒ තුලින් සිදුවිය හැකි ආලාභ හා හානි අවම කරගත හැකි වනු ඇත.මෙම ගතිලක්ෂණය ඇති පුද්ගලයන්ට ව්‍යාපාර ප්‍රවනතා පහසුවෙන් හදුනාගත හකි අතර, ඒවා ව්‍යාපාර අවස්ථා බවට පත්කර ගෙන ප්‍රතිලාභ ලබාගත හැකිය.
- වැඩට කැපවීම (Hardworking)-කැපවීමෙන් හා මහන්සියෙන් වැඩ කිරිමේ ගතිලක්ෂණය ව්‍යවසායකයින් තුළ අන්තර්ගතය.ඔහු නිතරම ශ්‍රමයට ආදරය කරයි.ඕනෑම හොද දෙයක් මෙන්ම නරක දෙයක්ද දරා ගැනීමේ ශක්තියක් ඔහු තුළ ඇත.
- නම්‍යශීලිබව (Flexible)-නම්‍යශීලිභාවය වැදගත් ව්‍යවසායක ගති ලක්ෂණයකි.පරිසරයේ ඇතිවන වෙනස්වීම් වලට අනකූලව වෙනස්වීමට ඔහු සුදානම්ය.පරිසරයෙන් වෙනස් කරන තෙක් ඔහු බලා නොසිටී.ඔහු ප්‍රථමයෙන්ම ක්‍රියාකරන්නෙකි.(Proactive).
- අභිප්‍රේරණබව (Motivated)-සාර්ථකත්වය සදහා දිගුකාලයක් කැපවීමෙන් ක්‍රියා කිරිමට ෙපළඹිම වැදගත් ගතිලක්ෂණයකි.
- සම්පත් සහිතබව (Resourceful)-ව්‍යවසායකයා නිතරම විමසිලිමත්ව විහ්ලේෂණාත්මකව, හරි කුමක්ද ? වැරදි කුමකුද ? සොයා බලා කටයුතු කරයි.ඔහු තමාගේ සියළු සම්පත් සිය ඉලක්ක සපුරා ගැනීමට යොමු කරයි.
- අවදානම කළමනාකරණය කළ හැකිවීම (Able to Manage Risk)-ව්‍යවසායකයා අවදානම අවස්ථාවක් ලෙස නොව අභිෙයා්ග ලෙස සලකයි.ඔහු අවධානම මැන තක්සේරු කර භාරගනී.අසාර්ථකවීමේ ප්‍රවණතාව වැඩි නම් අවධානම අතහැර දමයි.භාරගත් අවධානම හැකිතාක් දුරට අවම කර ගැනීමට ක්‍රියාකරයි.
- නිර්මාණශීලිබව (Creative)-නිර්මාණශිලි හැකියාව නැතහොත් නව්‍යතා සම්පාදනය ව්‍යවසායෙකු තුළ අවශ්‍යයෙන්ම තිබිය යුතු ලක්ෂණයකි.එහු යමක් දෙස බලන්නේ, යමක් කරන්නේ සුවුශේෂ වු ආකාරයෙනි. සාමාන්‍ය ලෙසත් ගතානුගතික ලෙසත් නොවේ. අභියෝග භාරගැනීමට ඔහු ප්‍රිය කරයි.අභියෝග භාරගැනීමෙන් ඔහු ඔපවත් වෙයි. ඉදිරියටම තල්ලුවෙයි.එය ඔහුට තෘප්තියකි.වයාකූල තත්ත්වයක් ඇති වුවත් එයින් නොසැලේ. ඔහු සැමවිටම උත්සාහ ගන්නේ නව භාණ්ඩයක්, නව සේවාවක්, නව අදහසක් නිර්මාණයටය. එසේ කිරිමෙන් එහු වෙනසක් ඇතිකරයි.
- අභිලාෂ මුදුන් පමුණුවා ගැනීමේ වුවමනාව (Achievement Oriented)-ව්‍යවසායකයා නිතරම උසස් අභිලාෂ සහිතය. ඒවා මුදුන් පමුණුවා ගැනිමට ඔහු කැපවී සිටි. ප්‍රතිලාභ අත්පත්කර ගැනීම තුළින් තව තවත් බදිරියට ඔහු ගමන් කරයි. එක් ඉලක්කයක් සපුරා ගත් පසු ඊළග ඉලක්කය ඇති කර ගනි.
- සුභවාදීබව (Optimistic)-ව්‍යවසායකයා යමක් දෙස බලන්නේ යමක් කරන්නේ සුභවාදී ආකල්ප ඇතිවයි.නැහැ, බැහැ, යන වචන ඔහු තුළ නැත.සෑම විටම ධනාත්මක පාර්ෂවයෙන් ඔහු කටයුතු කරයි.ඔහු කිසිවිටෙකත් අනාගතය පිළිබද අදුරු සෙවනැලි නොදකි.
- ස්වාධීනබව (Independent)-තමාගේ අභිමතය පරිදි වැඩ කිරිමට, තීරණ ගැනීමට නිදහස ව්‍යවසායකයා අපේක්ෂා කරයි.වැරදි සිදුවුවද ඒ පිළිබදව වෙනත් කෙනෙකුට උත්තර දීමට ඔහු සුදානම් නැත.ඔහු වෙනත් අයගේ අදහස් මතම යැපෙන්නෙක් නොවේ.අනෙකුත් අයගේ අදහස්වලට ගරු කරතත්, ඒවා පිළිගත්තත්,සිය තීරණවලට එළඹීමේ නිදහස ඔහු ප්‍රිය කරයි.තමාගේ ගමන් මග, ගමනාන්තය (Destiny) තමා විසින්ම තීරණය කිරිමට, පාලනය කිරිමට ඔහු කැමැත්ත දක්වයි.
- දැක්ම (Visionary)-යමක් කෙසේ විය යුතුද පිළිබදව දැක්මක් ව්‍යවසායකයා තුල ඇත.එම දැක්ම සිය ඉලක්ක සපුරා ගැනීම තෙක් පවත්වා ගනී.
සිය පෞද්ගලික අභිමතාර්ථ සපුරා ගැනීමේ අවශළ්‍යතාව සමග ව්‍යවසායකයා සහ ව්‍යාපාර බැදි පවති. වෙනස් වෙනස් වු සාධක මගින් ව්‍යවසායකයා අභිප්‍රේරණය වේ. පහත දැක්වෙන්නේ එවැනි වැදගත් කොට සැලකිය හැකි අභිප්‍රේරණ සාධක කිහිපයකි.
- අභිමතාර්ථ සපුරා ගනීම සදහා වු පෞද්ගලික වින්දනය / දැක්ම.
- සිය ව්‍යාපාරයේ ප්‍රධානියා තමාම වීමේ අවහ්‍යතාව.
- විවිධත්වය හා විශ්මයජනක කටයුතුවල නියැලීමේ අවශ්‍යතාව.
- තමාගේ පුහුණුව, දක්ෂතා වඩා හොදින් ප්‍රයෝජනයට ගැනීම.
- තමාගේ ක්‍රියාපිළිවෙළට වැඩ කිරිමේ නිදහස.
- නව ව්‍යාපාර අවස්ථාවලට යොමුවීමේ හෙවත් නව අභියෝගවලට මුහුණදීම.