ව්‍යවසායකත්ව පුද්ගල ගුණාංග
 

“Do You Have the Right Stuff To Be An Entrepreneur” යන ශීර්ෂය යටතේ 1980පළ වු ලිපියකත් David McClelland විසින් පළ කරන ලද The Achieving Society යන ග්‍රන්ථයේත් ව්‍යවසායකත්වය හා ව්‍යවසායකත්ව නෙ‍ාවන පුද්ගල ගුණාංග අතර වෙනස ප්‍රකාහයට පත්කරන ලදී.පර්යේෂණයට භාජනය කර සොයා ගත් කරුණු මත මෙම ගුණාංග ග්‍රකාශයට පත්වින.එක්සත් රාජධානියේ (UK ) කරන ලද පර්යේෂණයකට අනුව 50% ක් පමණ ව්‍යවසායකයින් නිදහසේ තමාගේම ව්‍යාපාරයක් පවත්වා ගෙන යාමට කැමැත්ත දැක්වුවෝ වුහ.18% ක් මුදල් ඉපයීමට කැමැත්ත දැක්වුවෝ වුහ.10% ක් තෘප්තය, අභියෝගය සහ නිර්මාණය සදහා කැමැත්ත දැක්වුවෝ වුහ.සෝවියට් රුසියාවේ කරන ලද සමික්ෂණයකට අනුව ව්‍යවසායකයින් 80% ක්ම තමාගේම ප්‍රදානියා තමා වීමේ (To be their Own Boss) කැමැත්ත දැක්වු අය වුහ.


ඉහත සදහන් කරන ලද විවිධ පර්යේෂණවලින් හෙළි වු කරැණු අනුව ඉතා වැදගත් ව්‍යවසායකත්ව ගුණාංග කිහිපයක් පහත දැක්වේ.එම ගුණාංග 10 Ds (Dදහය) ලෙස ප්‍රචලිතය.


THE 10 Ds


1. Dream


සිහිනය - මෙයින් අදහස් වනුයේ තමා පිළිබදවත් සිය ව්‍යාපාරය පිළිබදවත් අනාගත දැක්මක් තිබිමයි.(VISION) එසේම එම සිහිනය සෑබෑකර ගැනීමේ ශක්තියක්ද ඔඍහු සතුවිය යුතුය.


2. Decisiveness


තීරණාත්මකභාවය - ප්‍රමාද නොවී, කලි මරන්නේ නැතිව ඉක්මනින් තීරණවලට එළඹීමේ හැකියාවයි.හැකිතාක් ඉක්මනින් නොපමාව ක්‍රියාකිරීම ව්‍යාපාරවල සාර්ථකත්වයේ ප්‍රධාන සාධකයකි.


3. Doers


ක්‍රියාත්මකවීම - තීරණවලට එළඹිමෙන් අනතුරුව ඒවා ඉක්මනින් ක්‍රියාත්මක කිරිමේ හැකියාව.


4. Determination


අධිෂ්ඨානය - මුළුමනින්ම පේවී සිය වයාපාරය ආරම්භ කිරීම.(Commitment) ජය ගත නොහැකි බාධා වුවද අතහැර දමන්නේ කලාතුරකිනි.


5. Dedication


කැපවීම - ව්‍යාපාරයට කැප වී කටයුතු කිරීම, සිය පවුල, හිතවතුන් සමග ඇති සම්බන්ධතා පවා අඩුකර ව්‍යාපාරයේ කටයුතුවල නිරතවේ.ව්‍යාපාරය වර්ධනය කිරිමට වෙහෙස නොබලා දිවා රෑ ක්‍රියා කරයි.දවසේ වැඩි පැය ගණනක් සතියේ දින 7 ම ව්‍යාපාරයේ කටයුතුවලට කැප කරයි.


6. Devotion


භක්තිය / ඇල්ම - ඔහු කරන කියන දෑ ගැන ආදරය කරයි.(They love what they do) එම ආදරය නැතහොත් භක්තිය නිසාම ව්‍යාපාරය ඉදිරියට යයි.සිය නිෂපාදන සාර්ථකව අලෙවි වේ.


7. Details


විස්තර තොරතුරු ලබාගැනීම - විචාරාත්මක තොරතුරු හෙවත් විස්තර ලබා ගනිමින් කටයුතු කිරිම, තොරතුරු ඔහුගේ සම්පතකි.(It is said that the devil resides in the details)


8. Destiny


ඉරණම / දෛවය - වෙනත් කෙනෙකු හෝ ස්වාමියෙකු මත රැදීමට හෝ විශ්වාසය තනාතබා තමාගේ ශක්තිය ගැන විශ්වාසය තැබීම.සිය දෛවයේ ලීරකයා තමාමය යන විශ්වාසයෙන් යුතුව කටයුතු කරයි.


9. DOLLARS


මුදල් - මුදල හෝ ධනය රැස්කිරිමට ව්‍යවසායකයාගේ ප්‍රධාන ඉලක්කය නොවේ.මුදල් ඔහුගේ සාර්ථකත්වයේ මිනුමකි.තමා සාර්ථක නම් ප්‍රතිලාභ අත්වන බව ඔහු විශ්වාස කරයි.


10. Distribute


බෙදාහැරීම - සිය ව්‍යාපාරයේ සාර්ථකත්වයට තීරණාත්මක‍ව දායක වු ප්‍රධාන සේවකයන්ට සිය ව්‍යාපාරයේ අයිතිය හෙවත් හිමිකම බෙදා හැරීම.


They distribute the ownership of their business with key employees who are optical to the success of the business.

(c) Shilpa Sayura Foundation 2006-2017