පුද්ගල සාධක Personal Factors
 

ප්‍රථමයෙන් ව්‍යවසායක පුද්ගලයෙකුට නව ව්‍යාපාර අදහසක් (New Business Idea) නැතහොත් නවොත්පාදන අදහසක් (Innovation) ඇතිවේ.මෙම නව අදහස, විමර්ශනයෙන් සිතා මතා හෝ අහම්බෙන් (Chance)ඇති විය හැකිය.මෙම අදහස ක්‍රියාත්මක කිරිම, බොහෝ විට ඔහුගේ රැකියා අවස්ථා, පවුල, මිතුරන්, ප්‍රියමනාප චරිත (Role Model)ආර්ථික තත්ත්වය සම්පත් සුලභතාව යනාදි පුද්ගල හා සමාජිය සාධක මත රැදේ.නව ව්‍යාපාර සංවිධාංනයක් බිහිවීමට පසුබිම් සාධකද (Triggering Event) තිබිය හැකිය.සමහර විට මෙම ව්‍යවසායක පුද්ගලයාට හොද රැකියා අවස්ථා නොලැබුණු අයෙක් විය හැකිය.සමහර සාර්ථක ව්‍යාපාරිකයෝ පිටමං වුවන්ය.සුළු රැකියාවල නිරත වුවන්ය.සමහර විට රැකියාවලින් අස්කර දමන ලද අයය.
ව්‍යවසායකයන්ට අදහස් ජනිත වන්නේ කෙසේද ? 90% ක් පමණ ව්‍යවසායක අදහස් බිහිවනු ඇත්තේ පවත්නා කර්මාන්තවල කටයුතු කිරිමෙන් ලත් පල පුරැදු තුලිනි.ප්‍රථම අන්තර්ජාල ව්‍බිලියන් ව්‍යාපාරිකයා වු (Internet Billionaire) ඇ.එ. ජනපදයේ Stanford විශ්ව විද්‍යාලයේ පරිඝණක විද්‍යා මහාචාර්ය James Clark විසින් 1995 වසරේදී Silicon Graphics නිර්මාණය මෙයට කදිම නිදසුනකි.සමස්ථයක් වශයෙන් පෙනීයන්නේ ව්‍යවසායකත්ව ගුණාංග හැඩගැසෙනුයේ පුද්ගල ගතිලක්ෂණ හා පරිසරය තුලිනි.(Entrepreneurial Traits are shaped by Personal Attributes and Environment)

(c) Shilpa Sayura Foundation 2006-2017