ව්‍යවසායකයෝ
 

වයවසායකත්වය දරන පුද්ගලයෝ ව්‍යවසායකයෝය.ඔවුහු වෙනස් කිරිම් කරන නියෝජිතයෝය.(Agents of change).ඔවුහු අවස්ථා දැක එහි අවධානම් පාලනය කර ගණන් බලා ‍‍‍‍, සුදුසු අවස්ථා භාරගෙන සාර්ථක විය හැකි දෑ නිර්මාණය කරත්,ව්‍යවසායකයා අවශ්‍යතා හා වුවමනා සදහා යෝග්‍ය අසාමාන්‍ය දෙයක් ගැන සිතයි.ඔහු විශාල කාලයක් කරුණු විශ්ලේෂණයට කැප කරයි.


ව්‍යවසායකයින් බිහිවන්නේ උත්පත්තියෙන්ද ? නැත්නම් සකස් කිරිමෙන් ද ?


මෙම ප්‍රකාශයට පිළිතුරු සැපයීම සදහා විවිධ අධ්‍යනයන් කර ඇත.එම අධ්‍යන පර්යේෂණ වලින් තහවුරු වී ඇත්තේ ව්‍යාපාර හිමි නැති පවුල්වලට වඩා ව්‍යාපාර හිමිකරුවන්ගේ පවුල්වල උපත ලබන ළමයින් බොහෝ විට ව්‍යවසායකත්වයට නැඹුරැ වී ඇති බවයි.මේ නිසා සමහර දෙනෙක් පවසන්නේ ව්‍යවසායකයන් උත්පත්තියෙන්ම බිහිවන බවයි.


ව්‍යවසායකයෝ ගවේෂකයෝය. විශ්මිත දෑ කරන්නෝය. ඔවුහු නිරන්තරයෙන්ම විශ්ලේෂණය කරති.සංකල්පනය නැත්නම් සිතා බැලීම් කරති.අළුත් අදහස්, අළුත් අවස්ථා කරා පෙළඹෙයි.වෙනත් කෙනෙකුට සේවය කරන විට වුවද තමාට අවශ්‍ය දිසාවට යාමට උත්සාහ කරයි.තමාටග්ම ගමන් මග ඔස්සේ යාමට ප්‍රිය කරයි.


ව්‍යවසායකත්ව විදයාව හෝ කලාව ඉගැන්විය හැකිද?නොඑසේ නම් ව්‍යවසායකයා උපතින්ම බිහිවන්නේද ? බොහෝ කාලයක් යනතුරුම පැවති අදහස වුයේ ඉගැන්විය නොහැකි බවයි.නමුත් අද ව්‍යවසායකත්වය විශාල වශයෙන් ඉගැන්වෙන විවිධ මටිටමේ පාඨමාලාවලට ඇතුලත් වී ඇති විෂයකි.විසිවන සියවස අග දශකවල ව්‍යවසායකත්ව දැනුම විශාල වශයෙන් සංවර්ධනය වින.ව්‍යසායකත්වය ඉගැන්විය හැකි බවට අද පිළිගෙන ඇත.එසේ වුවද අද සිටින විශිෂිට මටිටමෙි ව්‍යවසායකයනි ලෙස සැලකෙන Bill Gates, Donna Karan වැනි ව්‍යවසායකයන් ඉගැන්වීමෙන් බිහිකළ හැකිද ? එසේ සහතික කළ නොහැක.භෞතික විද්‍යා මහචාර්යවරයෙකුට Albert Einstein වැනි මහා විද්‍යාඥයකු බිහි කළ හැකිද ?මෙයට පිළිතුරු විවාද සහිතය.කෙසේ වුවද අවශ්‍ය ව්‍යාපාර ආකල්ප ඇති කිරිම තුළින් වඩා හොද ව්‍යවසායකයෝ බිහිකළ හැකි බව පිළිගෙන තිබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017