අපගේ අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කරලීම හෝ ප්‍රශ්න විසදීම භාරගැනීම ව්‍යවසායකත්වයෙන් සිදුවුවද සමාජයේ සුභ සාධනයටද එය වැදගත් වේ.
නව්‍යතා බිහිකිරිමට අවස්ථා ඇතිවීම, අපගේ ක්‍රියාකාරිත්වය නැතහොත් ජීවන තත්වය වර්ධනය කිරිම යනාදි එදිනෙදා සිදුවීම් ව්‍යවසායකත්වය මගින් ජනිත කෙරේ.මව්පිය දෙදෙනාම රැකියාවල නියුක්තවීම නිසා දිවා සුරැකුම් ආයතන බිහිවීම (Day Care Center), ගෙවල් දොරවල් පිරිසිදු කිරිමට පිරිසිදු කිරිමේ ආයතන(Cleaning Service), වයස්ගත වුවන්ගේ සංඛයාව වැඩි වීම නිසා වැඩිහිටි නිවාස, රසවින්ධන මධ්‍යස්ථාන,ක්‍රීඩා සමාජ, සමාජ සේවා ආයතන වැනි ස්ථාන බිහිවීම ව්‍යවසායකත්වයේ ප්‍රතිඵලයයි.මේ සෑමකින්ම උත්සහා ගනුයේ මිනිසාගේ අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරිමට නව මං සෙවිමකි.එය ව්‍යවසායකත්වයයි.ව්‍යවසායකත්ව ව්‍යාපාර ඒවායේ නියලෙන්නේය.
ව්‍යවසායකත්ව හැම විටම ක්‍රියාවලියක් අත්පාදනය කරයිතයමක් කිරිමේ නව මාර්ග උත්පාදනය කරයි.නව භාණ්ඩ හා සේවා වෙළද පොළට එක් කරයි.පවත්නා තත්ත්වයට සෑම දිනම අළුත් යමක් එක් කරයි.එමගින් අපේ ජීවන තත්ත්වය උසස් කරයි.ජීවන ශෛලිය නව මංපෙත් ඔස්සේ වෙනස් කරයි.එසේම මිල ගණන් පහල හෙළයි.ව්‍යාපාර ආයතන ඇතිවන බැවින් සේවා නියුක්තිය වැඩි කරයි. ව්‍යවසායකත්වය කිසිදු භේදයකින් තොරව සමාජයේ සෑම දෙනාටම ව්‍යාපාර කටයුතුවල නියලීමට දිරිමත්කරයි.සමස්ථයක් වශයෙන් සමාජයට බෙදා හැරීම ධනය උපයන්නේ ව්‍යවසායකත්වය මගිනි. ව්‍යවසායකත්වය සමාජ යහපත උදාකරයි.
එක් ව්‍යවසායක ව්‍යාපාරයක සාර්ථකත්වය තවත් ව්‍යාපාරික අවස්ථා උදාකර දෙයි.නිදසුනක් ලෙස පුද්ගල පරිඝණකය (Personal Computers) හදුන්වා දීම නිසා තවත් ව්‍යාපාර අවස්ථා රාශියක් උදා වී ඇත.මෘදුකාංග, දෘඩාංග, පුහුණු වැඩසටහන්, අළුත් වැඩියා සේවා, පරිගණක සගරා/ප්‍රකාශන, කාටුන් චිත්‍රපට, චලන චිත්‍රපට,චිත්‍ර, නිර්මාණ යනාදි සියයකුත් එකක් ව්‍යාපාර බිහි වී ඇත.එමගින් පෞද්ගලික වුත්, සමාජීය වුත්, තාක්ෂණික වුත් නව තත්ත්වයක් උදාකර දී ඇත.
ව්‍යවසායකත්ව කුසලතා පිබිදීමට හිතකර වතාවරණයක් රටක තිබිය යුතුමය.විශේෂයෙන්ම හිතකර මූල්‍යමය හා නෛතික තත්ත්වයක් ඇතිකරදිය යුතුය.නව ව්‍යාපාරික අවස්ථා දියත් කිරිමට අවශ්‍ය ආයෝජනය ලබාදීමට සුදුසු මූල්‍ය රාමුවක් රජය විසින් ඇති කළ යුතුය.නීතිමය සහනයක් ලබාදිය යුතුය.එසේම ජාතික වු අධ්‍යාපනික හා පුහුණු වැඩ සටහන් තිබිය යුතුය.විවෘත වෙළද පොළ ක්‍රමය ව්‍යවසායකත්වයේ වර්ධනයට උචිතය.
රජය, ව්‍යාපාර, අධ්‍යාපන, නීති-රීති වැනි සහාය කණිඩායම් හා සහාය උපදෙස් ලැබේ නම් ව්‍යවසායකත්වය ශක්තිමත් වේ.එවැනි සහාය කණ්ඩායම් නොමැති රටවල ව්‍යවසායකත්වය පතාල ලෝකයේ (Underground) ක්‍රියාත්මක වනු ඇත.සැමට පෙනෙන ලෙස විවෘතව ක්‍රියාත්මක නොවනු ඇත.
