ව්‍යවසායකත්ව යනු කුමක්ද?
 

Entrepreneurship යනු ප්‍රංශ භාෂාවේ වචනයක් වු Entreprendre යන වචනයෙන් බිදී ආ පදයකි.ප්‍රංශ බසින් එහි අර්ථය වන්නේ භාර ගැනීම/ අවස්ථා හඹා යාම/ නව්‍යතා සම්පාදනය මගින් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරිම/ නව නිර්මාණ යන්නයි.


ව්‍යවසායකත්වය යනු යමක් දෙස බලන ආකාරයයි. සිතන ආකාරයයි. ක්‍රියාකරන ආකාරයයි. එය නව මාර්ගයකි. ව්‍යවසායකත්වය කලාවක් හෝ විද්‍යාවක් නොවේ. එය පරිචයකි. ප්‍රායෝගික වුවකි. ප්‍රායෝගික නිසාම වචනයෙන් විස්තර කිරිමද තරමක් අපහසුය.කිසියම් ප්‍රතිලාභයක් ලගාකර ගැනිම සදහා වෙනස් කිරිම් කරන්නා ව්‍යවසායකයාය.මෙම ප්‍රතිලාභ මූල්‍යමය විය හැකිය. එසේම වඩා හොද තත්ත්වයක් ලගාකර ගැනිම සදහා වෙනස් කළාය යන තෘප්තියද ඒ හා සමග ඇති වේ.


“An entrepreneur as the person who destroys the existing economic order by introducing new products and services” by creating new forms of organization, or by exploiting new raw materials.”


“An entrepreneur as the person who destroys the existing economic order by introducing new products and services” by creating new forms of organization, or by exploiting new raw materials.”


“පවත්නා ආර්ථික ක්‍රම වෙනස් කරමින් නව අමුද්‍රව්‍ය සොයා ගැනිමෙන් හෝ නව සංවිධ‍ාන ක්‍රම නිර්මාණය කිරිමෙන් නව භාණ්ඩ හා සේවා හදුන්වා දෙන පුද්ගලයා ව්‍යවසා‍යකයෙකි.”


ෂුම්පීටර්ගේ නිර්වචනයට අනුව මෙකි ව්‍යවසායකයා මෙම වෙනස මුදුන් පමුණුවා ගන්නේ නව ව්‍යාපාරයක් සොයා ගැනීමෙනි.එසේම එමවෙනස පවත්නා ව්‍යාපාරයක් තුල වුවද සිදුකළ හැකිය. ෂුම්පීටර්ගේ අදහසට අනුව කටයුතු කිරිමට හැකි වී ඇත්තේ නව ව්‍යාපාර සුළු ප්‍රමාණයකට පමණි.පරිඝණක කර්මාන්තය තුළ APPLE COMPUTER ව්‍යාපාරය මෙයට කදිම නිදසුනකි.විශාල ප්‍රමාණයේ නව ව්‍යාපාර බොහොමයක් ඇතුල් වන්නේ පවත්නා වෙළද පොළ තුළින්මයි.


ව්‍යවසායකත්ව ක්‍රියාවලිය (The entrepreneur process) නැමැති ග්‍රන්තය සම්පාදනය කල William D Bygrave ව්‍යවසායකත්වය නිර්වචනය කරනුයේ පහත දැක්වෙන අයුරිනි


“An entrepreneur is someone who perceives an opportunity and creates an organization to pursue it. The entrepreneurial process involves all the functions, activities and actions associated with perceiving opportunities and creating organizations to pursue them.”


“අවස්ථාවක් උදාකරගෙන ඉන් ප්‍රයෝජන ගැනීමට සංවිධානයක් නිර්මාණය කරන්නා ව්‍යවසායෙකි.අවස්ථා උදාකරගෙන ඒවා ප්‍රයෝජනයට ගැනීම සදහා සංවිධාන නිර්මාණය කිරිමේදී සම්බන්ධ වන සියළු කටයුතු සහ කාර්යයන් ව්‍යවසායකත්ව ක්‍රියාවලියට ඇතුලත් වේ.”


ව්‍යවසාය ව්‍යාපාරයක පහත ගතිලක්සණ එකක් හෝ කිහිපයක් තිබිය හැක.



  1. ලාභ ලැබිම හෝ ලාභ නොයිපයීම-බොහෝ වයාපාර පවත්වාගෙන යන්නේ ල‍ාභ ලැබීමටය.මුදල් ඉපයීමටය.එසේ වුවද සමහර ව්‍යාපාර සමාජ සේවා සදහා පවති.ඒවා ලාභ නොඉපයන සංවිධාන ලෙස හදුන්වයි. (උද්‍ර:- රතුකුරැස ව්‍යාපාර, සර්වෝදය ව්‍යාපාර, සිංහ සමාජය)

  2. සුළු රිමාණ හෝ මහා පරිමාණ විය හැක-ව්‍යවසායකත්වයට පරිමාණයක් නොමැත.ඒවා සුළු පරිමාණ හෝ මහා පරිමාණ විය හැක.විශාල සමාගම් හෝ ඉතා කුඩා කේවල ස්වාමි සංවිධාන විය හැක.

  3. භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කිරීම-ව්‍යවසායක ව්‍යාපාරයක භාණ්ඩ නිපදවීම හෝ සේවා නිපදවීම කළහැක.

  4. ප්‍රාදේශීය, දේශීය හෝ අන්තර්ජාතික විය හැක-ව්‍යවසායක ව්‍යාපාර ග්‍රාමීය, ප්‍රාදේශීය, කලාපීය හෝ ගෝලීය විය හැක.

(c) Shilpa Sayura Foundation 2006-2017