ව්‍යවසායකත්වය හා එහි වැදගත්කම
 

 


ලෙ‍ාව පුරා පවත්නා අර්ථක්‍රම නවීකරණය කිරිම ව්‍යවසායකයින් විසින් විප්ලවීය ලෙස සිදු කරේ. එසේම පවත්නා වෙනත් අර්ථක්‍රම නිදහස් ව්‍යවසාය (Free Enterprise) අර්ථක්‍රමයට පරිවර්ථනය කිරිමටද ව්‍යවසායකයෝ පොහොසත් වී සිටිති. ඇත්ත වශයෙන්ම නිදහස් ව්‍යවසාය අර්ථ ක්‍රමයේ හෙවත් වෙළද පොළ අර්ථ ක්‍රමයේ හරය වනුයේ ව්‍යවසායකත්වයයි. එසේ සදහන් කරනුයේ නව ව්‍යාපාර උත්පාදනයට (New Ventures) වෙළද පොළ අර්ථක්‍රමය මහෝපකාරි වන බැවිනි. නව සහ නවිකරණය වන ව්‍යාපාර විශාල ප්‍රමාණයක් නවෝත්පාදනය හෙවත් නව භාණ්ඩ හා සේවා නිර්මාණය කරයි.


නිදසුනක් ලෙස : පරිඝණක, මෘදුකාංග, අන්තර්ජාලය, ජීව විද්‍යාත්මක ඖෂධ, සහ එක් රැයකින් භාරදිමේ සේවා (Over Night Delivery) පෙන්නුම් කළ හැකිය. මෙම නිපයුම් නිසා නව රැකියා අවස්ථා උදා කෙරේ. අපගේ එදිනෙදා කටයුතුත්, ජීවන රටාවන් මුළුමනින්ම වෙනස් ස්වභාවයකට පරිවර්තනය කෙරේ.


ඇ.එ.ජනපදයේ (U.S.A.) වැඩ කරන දිනක එක් පැයක් තුළ නව ව්‍යාපාර දහස් ගණනක් ආරම්භ වන බව පර්යේෂණවලින් පෙනි ගොස් ඇත. මධ්‍යම හා නැගෙනහිර යුරෝපයේ දස දහස් ගණනක් ව්‍යවසායකයෝ එම රටවල පවත්නා සමාජවාදි (කොමියුනිස්ට්) ආර්ථිකයන් නිදහස් වෙළද පොළ අර්ථක්‍රමයට පරිවර්ථනය කිරිමේ උත්සාහයක යෙදි සිටිති. තවමත් කොමියුනිස්ට් රාජ්‍යයක් වන චීනයද (Beijing) බීජිං විශ්ව විද්‍යාලයේ මාක්ස්වාදි පාඨමාලා ඉවත්කර ඒ වෙනුවට නිදහස් ව්‍යවසාය සහ ව්‍යවසායකත්ව පාඨමාලා හදුන්වා දී ඇත. සරලව පවසන්නේ නම් ව්‍යවසායකත්ව කලාව හා විද්‍යාව භාවිතයට අද තරම් හොද යුගයක් මෙතෙක් පැවති නැත.


වේගයෙන් වෙනස්වන ලෝකයක අප ජීවත් වෙමු. මෙම වෙනස්කම්වලට ප්‍රතික්‍රියා දැක්විය හැකි නව්‍යතා සෙවිය හැකි ව්‍යවසායකයින්ගේ දැඩි අවශ්‍යතාවක් වර්ධනය වෙමින් පවති. ව්‍යවසායකත්වය ආර්ථික සංවර්ධනයේ තීරණාත්මක සාධකයක් බවට අද පත්ව ඇත.


ස්වයං-දැක්මක් ඇති ධනාත්මක පුද්ගල සංවර්ධනයක් සහිත නව නිර්මාණ හැකියා ඇති, වෙනස්වීම්වලට ගැලපෙන විසදුම් ඉදිරිපත් කළ හැකි, ව්‍යවසායකයින්ගේ වැදගත්කම පෙර කවරදාටත් වඩා අද ස්මතුව ඇත. එසේම ව්‍යවසායකත්වය එනම්, ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කිරිම ඒ හා සමාන වැදගත්ය. විස්මිත, වෙනස්වන ලොවට නායකත්වය දිය හැක්කේ ව්‍යවසායකයින්ටයි. අද එවැනි පුද්ගලයන්ට ඉතා ඉහළ ඉල්ලුමක් පවති. ගොවිපල, විද්‍යාගාර, පාසැල, විශ්ව විද්‍යාල, ආරෝග්‍යශාලා, රජය, ව්‍යාපාර, සාමාජීය නියෝජීත ආයතන යනාදි සෑම ස්ථානයකටම ව්‍යවසායකයින් අවශ්‍යව ඇත.ව්‍යවසායකයා වෙනස්වීම් කරන්නෙකි. ඔවුහු නව්‍යතා සම්පාදනයේ පෙරමුණ සිටින්නෝය.


(c) Shilpa Sayura Foundation 2006-2017