ඉන්වොයිසිය -ණයට විකුණන භාණ්ඩ පිළිබද විස්තර දක්වමින් විකුණුම්කරු විසින් ගැනුම්කරු වෙත යැවෙන ලියවිල්ල ඉන්වොයිසය (invoice) නමින් හැදින්වේ. භාණ්ඩ වර්ගය, ප්‍රමාණය, ඒකකයක මිල, මුළු වටිනාකම, ගෙවිම් කොන්දේසි අඩු කළ වෙළෙද වට්ටම්, ඇසුරුම් ගාස්තු යන ආදි කරුණු මෙහි මුලික වශයෙන් ඇතුළත් වේ. එසේ ම ඉන්වොයිසයක ඌ. අ. දෝ. හැ.යන අකුරු මුද්‍රණය කර තිබෙනු දැකිය හැකිය. මෙහි අදහස “ඌනතා අතිරික්ත දෝෂ හැර “ යන්නයි. එයින් හැගවෙන්නේ යම් අඩු පාඩුවක් ඇතොත් එය නිවැරදි කිරිමට විකුණුම්කරු ස්දානම් බවයි.
නාමමාත්‍ර ඉන්වොයිසිය - සාමාන්‍ය ඉන්වොයිසියකට බෙහෙවින් සමාන වන මෙය පහත සදහන්අවස්ථාවලදි භාවිතා කෙරේ.
ගැනුම්කරු භාණ්ඩ මිලට ගන්නේ නම් ගෙවිමට ඔහුට සිදු වන නියම වටිනාකම් දැක්විම සදහා, අනුමැතියට යටත් ව භාණ්ඩ යැවෙන අවස්ථාවකදි ගැනුම්කරු ඒවා රදවා ගනිත් නම් නාමමාත්‍ර ඉන්වොයිසියේ සදහන් පරිදි ගෙවිමට සිදු වේ.
භාණ්ඩ භාර දිමට ප්‍රථම මුදල් ගෙවිය යුතු බවට කවර හෝ හේතුවක් නිසා විකුණුම්කරු තිරණය කරන විට මෙහි දි නාමමාත්‍ර (nominal) ඉන්වොයිසිය ප්‍රථමයෙන් යවා භෘණ්ඩ භාර දිමට පෙර මුදල් ගෙවන සේ විකුණුම්කරු භව්‍ය ගැනුම්කරුගෙන් ඉල්ලා සිටි.
භාණ්ඩ අපනයනය කරන විට රේගු අධිකාරින්ට භාර දිම සදහා භාණ්ඩවල ප්‍රකාශිත අගය දැක්වෙන හෙයින් මෙය තිරු බදු ගණනය කිරිම සදහා භාවිතා කෙරේ.
විකිණිම සදහා නියෝජිතයෙකුට භෘණ්ඩ යැවිමේ දි භාණ්ඩවල අයිතිය නියෝජිතයාට පැවරෙන අතර ඒවා විකිණිය යුතු මිල, භාණ්ඩ පිළිබද විස්තර, ප්‍රවාහන ගාස්තු, පැටවුම් ගාස්තු යන ආදි කරුණු එහි ඇතුළත් වේ.
භාර දිමේ තුණ්ඩුව - මේ ලියවිල්ල භාණ්ඩ සමග යැවේ. භාණ්ඩ භාර ගන්නා තැනැත්තා භාණ්ඩ භාර ගත් බවට එහි අත්සන් කර ප්‍රවාහකයා වෙත ආපසු භාර දෙයි. භාර දිමේ තුණ්ඩුව (delivery note) බොහෝ විට ඉන්වොයිසියේ ම පිටපතක් විය හැකිය. එහෙත් එහි භිණ්ඩවල මිල පමණක් සදහන් නොවේ.
හරපත හා බැරපත - ඉන්වොයිසියක වරදක් හෝ අත්හැරිමක් හෝ නිවැරදි කිරිම සදහා හරපතක් හෝ (debit note) බැරපතක් හෝ (credit note) භාවිතා කෙරේ. හරපත් යැවෙන්නේ පහත සදහන් අවස්ථාවලදිය.
- ඉන්වොයිසියේ දැක්විය යුතු වටිනාකම අඩුවෙන් සටහන් වු විට විකුණුම්කරු ගැනුම්කරු වෙත
- ඉන්වොයිසියේ වටිනාකම වැඩියෙන් සටහන් වු විට ගැනුම්කරු විකුණුම්කරු වෙත
- සදොස් භාණ්ඩ හෝ ගාස්තු දැනටමත් අයකර ඇති බහාලන හෝ ආපසු යවන විට ගැනුම්කරු විකුණුම්කරු වෙත
බැරපත යැවෙන්නේ පහත සදහන් අවස්ථාවලදිය.
- ඉන්වොයිසියේ දැක්විය යුතු වටිනාකම අඩුවෙන් සටහන් වු විට ගැනුම්කරු විකුණුම්කරු වෙත
- ඉන්වොයිසියේ වටිනාකම වැඩියෙන් සටහන් වු විට විකුණුම්කරු ගැනුම්කරු වෙත
- සදොස් භාණ්ඩ හෝ ගාස්තු දැනටමත් අය කර ඇති බහාලන හෝ ගැනුම්කරුගෙන් ලැබුණු විට විකුණුම්කරු ගැනුම්කරු වෙත
ක්‍රය තුණ්ඩුව - වාචික වශයෙන් තින්දු කර ගත් මිලට ගැනුමක් පිළිබද කොන්දේසි දක්වමින් ගැනුම්කරු වෙත යවන ගිවිසුම් තුණ්ඩුව ක්‍රය තුණ්ඩුව (bought note) නමින් හැදින්වේ.
වික්‍රය තුණ්ඩුව - වාචික ලෙස පිළියෙළ කර ගත් විකුණුමකට අදාළ කොන්දේසි සදහන් කරමින් විකුණුම්කරුවකු ගැනුම්කරුවකු වෙත යවන ගිවිසුම් ත්‍රණ්ඩුව (sold note) නමින් හැදින්වේ.