පාරිභෝගික අවශ්‍යතා සපුරා ලිමට ඉවහල් වන භාණ්ඩ සේවා ලබා ගැනිම සදහා සැපයුම්කරුවන් සොයා ගැනිමේ අවස්ථාවේ සිට මිලට ගැනිම තෙක් වු සමස්ත ක්‍රියාවලිය වෙළෙද පටිපාටියට ඇතුළත් වේ. මෙහි දි මුලින් ම කළ යුත්තේ සැපයුම්කරුවන් සොයා ගැනිමයි. නිෂ්පාදකයන්, ඔවුන්ගේ ියෝජිතයන්, තොග වෙළෙදුන්, තමා දන්නා හදුනන පුද්ගලයන් යන මොවුන්ගෙන් ද පුවත්පත්, ගුවන් විදුලිය, රූපවාහිනිය, දුරකථන නමාවලියේ කහ පිටු, ළෛද නමාවලි යන ආදි මාධ්‍ය ඇසුරින් ද සැපයුම්කරුවන් පිළිබද තොරතුරු ලබා ගත හැකිය.
සැපයුම්කරුවන් පිළිබද තොරතුරු සොයා ගත් පසු, මිලට ගැනිමට බලාපොරොත්තු වන භාණ්ඩ පිළිබද විස්තර ඉල්ලා යැවිම සාමාන්‍යයෙන් කෙරේ. ඒ සදහා භාවිතා කෙරේනේ විමසුම් ලිපිය හෙවත් මිල විමසුම (inquiry) යි. භාණ්ඩ පිළිබද විස්තර, අවශ්‍ය ප්‍රමාණය, මිල, භාණිඩ භාර දිය යුතු දිනය, ප්‍රවාහන වියදම්, දැරිය යුත්තේ කවර පාර්ශවය ද, ගෙවිම් කොන්දේසි යන ආදි කරුණු මෙහි ඇතුළත් වේ. මේ විමසිම වාචිකව වුවද කළ හැකිය. විමසුමක් ලද සැපයුම්කරු ගැනුම්කරුට ප්‍රයෝජනවත් වේ යැයි සැලකෙන සියලුම තොරතුරු දන්වා එවිම සාමාන්‍යයෙන් සිදු වේ. භාණ්ඩ පිළිබද විස්තර, සැපයිය හැකි ප්‍රමාණය, මිල, මිල වලංගු කාලය, ගෙවිම් කොන්දේසි යන මේවා ඒ අතර ප්‍රධාන වේ. මේකි විස්තර සදහන් ලියවිල්ල හැදින්වෙන්නේ මිල කියුම (quotation) යනුවෙනි. මෙලෙස විවිධ සැපයුම්කරුවන්ගෙන් මිලකියුම් ලබා ගත් පසු ඒවා පරික්ෂා කර, සුදුසු සැපයුම්කරුවෙක් තෝරා ගැනේ.
එයට පසු ගෙවීම් පිළිබද යම් නිගමනයකට එළඹිම අවශ්‍ය වේ. ගනුදෙනු පියවිම සදහා අනුගමනය කරන ක්‍රම අතර ඇණුවුම් සමග මුදල් යැවිම, භාණ්ඩ භාර දුන් විගස මුදල් ගෙවිම, ඇණවුම් සමග අත්තිකාරම් වශයෙන් යම් මුදල් ප්‍රමාණයක් ගෙවා භාණ්ඩ භාර දුන් පසු ශේෂය ගෙවිම ප්‍රධාන වේ. මෙයින් යම් ක්‍රමයක් තෝරා ගත් පසු ගැනුම්කරු විසින් ඇණවුම් ඉදිරිපත් කිරිම සිදු වේ. අවශ්‍ය භාණ්ඩ වර්ගය, ප්‍රමාණය, මෝස්තරය, මිල, භාර දිමේ කොන්දේසි, මුදල් ගෙවන ආකාරය, යන ආදි කරුණු ඇණවුක ඇතුළත් වේ. ඇණවුම ලැබිමෙන් පසු එහි සදහන් භාණ්ඩ ගැනුම්කරු වෙත යැවිමට සැපයුම්කරු ක්‍රියා කිරිමත් සමග ම මේ ක්‍රියාවලිය අවසන් වේ.