ප්‍රේරක නියෝජිතයා
 

ප්‍රධානියා වෙනුවෙන් භාණිඩ එක්රැස් කර, ප්‍රවාහනය කර, භාර දෙන තැනැත්තා ප්‍රේරක නියෝජිතයා (forwarding agent) වේ. මේ නියෝජිතයෝ භාණ්ඩ රට තුළ ගෙන ගොස් භාර දිම මෙන් ම අපනයනය කෙරෙන භාණ්ඩ එක්රැස් කර ඇසිරිම, කිරැම් හා මිනුම් කටයුතු, රක්ෂණය, නැවි ඉඩකඩ වෙන් කිරිම, නැව තෙක් ප්‍රවාහනය යන ආදි සියලුම කාර්යයවල ද නිරත වෙති. මේ කාර්යයවල නිරත විම සදහා ගාස්තුව බොහෝ විට අයකර ගනු ලබන්නේ භාණ්ඩ හිමියන්ගෙනි. ප්‍රේරක නියෝජිත කටයුතුවල නිරතවන පුද්ගලයන් මෙන් ම ආයතන ද දැකිය හැකිය.


වෙළෙද ගනුදෙනුවල දි භාවිතා වන පද කිහිපයක් මි ළගට සලකා බලමු.


කොමිස් - ප්‍රධානියෙකු වෙනුවෙන් භාණ්ඩ හෝ සේවා හෝ මිලට ගැනිමේ දි නැතහොත් විකිණිමේ දි නියෝජිතයෙකු ලබන ගාස්තුව කොමිස් වශයෙන් සැලකේ. මෙය සාමාන්‍යයෙන්, ගණනය කරනු ලබන්නේ භාණ්ඩයේ හෝ සේවාවේ හෝ මිලෙහි ප්‍රතිශතයක් ලෙස ය.


වට්ටම - විකුණුම්කරු අත්හරින අලෙවිකරණ කාර්යයක් ගැනුම්කරු භාර ගැනිම වෙනුවෙන් හෝ ගනුදෙනුකරුවනට සහන සැලසිමේ අරමුණින් හෝ ලැයිස්තු ගත මිලෙන් කරන අඩු කිරිම වට්ටමක් ලෙස සැලකිය හැකිය. මෙය ප්‍රතිශතයක් ලෙස සාමාන්‍යයෙන් ප්‍රකාශ කෙරේ. වට්ටම් පහත සදහන් අයුරු විවිධාකාර වේ.



වෙළෙද වට්ටම් - නැවත විකිණිමේ අරමුණෙන් භාණ්ඩ මිලට ගන්නා විටලකුණු කළමිලෙන් හෝ ලැයිස්තුගත මිලෙන් හෝ අඩු කෙරෙන ප්‍රමාණයවෙළෙද මට්ටම වේ.


මුදල් වට්ටම - ණයට ගත් භාණ්ඩ සදහා ගෙවිය යුතු මුදල් අප්‍රමාදව හෝ ගිවිස ගත් කාල සිමාව තුළ හෝ ගෙවිම වෙනුවෙන් ණය හිමියකු, ණය ගැති‍යකුගෙන් ලැබිය යුතු මුදලින් අඩු කෙරෙන ප්‍රමාණය මුදල් වට්ටම වේ.


ප්‍රමාණ වට්ටම - මිලට ගන්නා ඒකක ප්‍රමාණය මත ම්ලෙන් කෙරෙන අඩු කිරිම ප්‍රමාණ වට්ටමයි. මේ අනුව මිලට ගන්නා ඒකක ප්‍රමාණය වැඩි වන විට වට්ටම ද ක්‍රමයෙන් වැඩි වේ.


කාලින වට්ටම - ඇතැම් භාණ්ඩත් සේවාත් සදහා ඉල්ලුමක් පවත්‍නේ වර්ෂයේ එක්තරා කාල සිමාවක් තුළ පමණකි. එකි භාණ්ඩත් සේවාත් සදහා ඉල්ලුම් අඩු කාලවලදි ඒවා ලබා ගන්නන් දිරි ගැන්විමේ වස් සලසන විශේෂ මිල අඩු කිරිම කාලින වට්ටම වේ. ඇතැම් ගුවන් යානා සමාගම් මෙන් ම සංචාරක හෝටල් ද මෙවැනි වට්ටම් ලබා දෙනු දැකිය හැකිය.


දිමනා - භාණ්ඩයක විකුණුම් මිලෙන් කෙරෙන අඩු කිරිම් දිමනා ලෙස සැලකිය හැකිය. අලුත් භාණ්ඩයක් ගන්නා විට පාවිච්චි කළ එකි වර්ගයේ භාණ්ඩය ආපසු දිම වෙනුවෙන් අලුත් භාණ්ඩයේ මිලෙන් කරන මිල අඩු කිරිම මේ ගණයට වැටේ. මෝටර් රථ බැටරි අලෙවියේ දි පාවිච්චි කළ බැටරිය ආපසු භාර දිමේ දි කෙරෙන අඩු කිරිම මිට නිදසුනකි.

(c) Shilpa Sayura Foundation 2006-2017