කැපකරු නියෝජිතයා
 

නියෝජිතයා විසින් ප්‍රධානියා වෙත හදුන්වා දෙනු ලබන පුද්ගලයෙකු සමග ගනුදෙනු කිරිමෙන් ප්‍රධානියාට පාඩුවක් සිදුවුව හොත් ඒ වගකිමට බැදෙන තැනැත්තා කැපකරු නියෝජිතයා වේ. මේ හැර ප්‍රධානියා වෙනුවෙන් තමා ණයට විකුණන භාණ්ඩ සදහා ලැබිය යුතු මුදල් එකතු කර දි‍මේ වගකිම භාරගන්නා තැනැත්තා ද කැපකරු නියෝජිතයෙක් වේ. මෙලෙස භාරගන්නා වගකිම වෙනුවෙන් ප්‍රධානියා ඔහුට ගෙවන ගාස්තුව කැපකරු කොමිස් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017