නියෝජිතයන් මගින් කෙරෙන වෙළෙදාම
 

භාණ්ඩ හා සේවා බෙදා හැරිමේ දි ව්‍යාපාරි‍කයෝ ඔවුන් වෙනුවෙන් ක්‍රියා කිරිම සදහා ඇතැම් පුද්ගලයන් හෝ ආයතන හෝ පත් කර ගනිති. මෙසේ පත්කර ගන්නා පුද්ගලයෝ/ ආයතන නියෝජිතයන් ලෙසත් ඔවුන් පත් කරන පුද්ගලයෝ/ ආයතන ප්‍රධානින් ලෙසත් හැදින්වෙති. නියෝජිතයන් විකුණන භාණ්ඩ හෝ සේවාවල හෝ අයිතිය ප්‍රධානයන් සතු වන අතර නියෝජිතයන් කරන සේවය සදහා යම් ගාස්තුවක් ගෙවනු ලැබේ.

නියෝජිතයන් ප්‍රධාන වශයෙන් වර්ගතුනකට බෙදිය හැකිය.

තම ප්‍රධානියා වෙනුවෙන් සියලුම කටයුතුවල නියැලිමට අසිමිත බලයක් ලැබෙන නියෝජිතයා (universal agent) ලෙස හැදින්වේ. ඒ සදහා ඇටර්නි බලපත්‍රයක් මගින් ප්‍රධානියාගෙන් ඔහුට බලය ලැබේ. මේ නියෝජිතයන් දක්නට ඇත්තේ කලතුරකිනි.

ව්‍යාපාරයක් සම්බන්ධයෙන් සියලු ම කටයුතු පිළිබදව ක්‍රියා කිරිමේ බලය පැවරෙන තැනැත්තා සාමාන්‍ය නියෝජිතයා (general agent) වේ. ව්‍යාපාර ආයතනයක කළමනාකරුවකු ව්‍යාපාර ආයතනයක කළමනාකරුවකු ව්‍යාපාරයට අදාළ ව කරන සැම ක්‍රියාවක් ම සම්බන්ධයෙන් වගකිමට ප්‍රධානියා බැදි සිටිම නිදසුනක්වශයෙන් දැක්විය හැකිය.

ප්‍රධානියා වෙනුවෙන් යම් නිශ්චිත කාර්යයක යෙදිමට බලය ලැබෙන තැනැත්තා (special agent) වේ. කැපකරු නියෝජිතයා (del cruder agent) මෙයට නිදසුනකි.

(c) Shilpa Sayura Foundation 2006-2017