නානා මාදිලියේ ආහාර පාන ද පවිත්‍රකාරක ද සුවද විලවුන් ද එදිනෙදා පාවිච්චියට ගන්නා සෙසු පාරිභෝගික ද්‍රව්‍යද විකිණිමේ නිරත විශාල වෙළෙද ආයතනයක් සුපිරි වෙළෙද පොළක් (super market) ලෙස සැලකිය හැකිය. මෙකි වෙළෙද පොළක දැකිය හැකි ලක්ෂණ සමහරක් පහත දැක්වේ.
වෙළෙද ද්‍රව්‍ය - විවිධ නිෂ්පාදකයන් විසින් නිපදවන ලද එකම වර්ගයට අයත් භාණ්ඩ එකම ස්ථානයක දර්ශනිය ලෙස තබා තිබිම.
නිදසුන් : විවිධ නිෂ්පාදකයන්ගේ සබන් එක් ස්ථානයක ප්‍රදර්ශනය තිබිම.
ස්වයං සේවය - සිය මනාපය පරිදි භාණ්ඩ තෝරා ගැනිමට පාරිභෝගිකය්ට අවස්ථාව මෙමගින් සැලසිම.
මිල - සැම භාණ්ඩයකම විකුණුම් මිල සටහන් කර හෝ ප්‍රදර්ශනය කර හෝ තිබිම.
වාහන නැවැත්විමේ පහසුකම් - මේ සදහා විශාල බිම් ප්‍රදේශයක් වෙන් කර ලිබිම.
වෙළෙද ක්ෂේත්‍රයේ ඇති වන දැඩි තරගයට වඩාත් සාර්ථකව මුහුණ දිම සදහා මේ වෙළෙද ආයතනවල සංවර්ධනාත්මක වෙනස්කම් කිහිපයක් සිදුවු දැකිය හැකිය. භාණ්ඩ වර්ග සංඛ්‍යාව වැඩි විම, ඉඩකඩ ප්‍රමාණය පුළුල් කිරිම, විවේකාගාර,ආපන ශාලා යන ආදි පාර්භෝගික සේවා පහසුකම් සැපයිම මේවා අතර ප්‍රධාන වේ.