මෙයින් අදහස් කෙරෙන්නේ තැපැලෙන් ලැබෙන ඇණවුම් සදහා තැපැල් මාර්ගයෙන් භාණ්ඩ විකිණිමයි. මේ හැරුණු විට දුරකථන මගින් ද ඇණවුම් ලැබිය හැකිය. භාණ්ඩ යැවිම සදහා දුම්රිය මෙන් ම වෙනත් ප්‍රවාහන ක්‍රම ද ඇතැම් විට යොදා ගැනේ.
භූමියෙන් විශාල රටවල තැපැල් වෙළෙදාම බෙහෙවින් ජනප්‍රියය. ඒ රටවල ව්‍යාපාරිකයන් ද ගනුදෙනුකරුවන් ද අතර දුර ප්‍රමාණය වැඩි හෙයින් එකි දෙපාර්ශවයට මුණ ගැසිම දුෂ්කරය. එහෙයින් තැපෑලෙන් ලැබෙන ඇණවුම් මත වෙළෙදාම (mail order business) එකි රටවල බහුලව සිදු වනු දැකිය හැකිය.
භාණ්ඩ විකිණිම සදා නිෂ්පාදකයෝ ද තොග වෙළෙන්දෝ ද සිල්ලර වෙළෙන්දෝ ද මේ ක්‍රමය සමහර අවස්ථාවලදි යොදා ගනිති.
මේ වෙළෙදාම් ක්‍රමයේ සාර්ථකත්වය මුලික වශයෙන් රදාපවත්නේ කැටලොග්, මිල ලැයිස්තු, සාම්පල්, ප්‍රචාරණ ආදිය මගින් ජනතාව දැනුවත් කිරිම මතය.
දියුණු රටවල් විවිධ භාණ්ඩ වර්ගවිකිණිම සදහා මේ ක්‍රමය බහුලව යොදා ගත්ත ද ශ්‍රී ලංකාව, මේ ක්‍රමය යොදා ගන්නේ පොත් පත්,සගරා, ඖෂධ වර්ග යන ආදි භාණ්ඩ වර්ගකිහිපයක් සදහා පමණි.