කාර්යාලය යම් ස්ථානයක හෝ නගරයක හෝ පිහිටුවා එයින් පාලනය කෙරෙන ශාඛා නගරයේ විවිධ ස්ථානවල හෝ වෙනත් ප්‍රදේශවල හෝ ආරම්භ කර පවත්වා ගෙන යන වෙළෙද සැල් නානාංශ වෙළෙද සැල් (multiple stores) වේ. මේවා උපාංග වෙළෙද සැල් ලෙස ද හැදින්වේ. නිදසුන් : ස.තො.ස., ලක්සල එක් භාණ්ඩ වර්ගයකට හෝ වර්ග කිපයකට හෝ අයත් භාණ්ඩ පමණක් විකිණීම, සැම ශාඛාවක් ම සාමාන්‍යයෙන් එක සමාන මිලකට භාණ්ඩ විකිණිම, ශාඛාවලට අවශ්‍ය භාණ්ඩ ගැනිමත් මිල කිරිමත් බෙදා හැරිමත් ප්‍රධාන කාර්ගාලයෙන් සිදු කිරිම, ශාඛාවේ පාලනය ශාඛා කළමනාකරුවකු යටතේ සිදු විම, ශාඛාවල විකුණුම් වාර්තා ප්‍රධාන කාර්යාලය වෙත දිනපතා හෝ සතිපතා හෝ සැපයිම යන ආදි ලක්ෂණ මෙහි දැකිය හැකිය. ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඇති වන ශිඝ්‍ර දියුණුවත් සමග ම මේ වෙළෙද සැල් එක භාණ්ඩ පන්තියකට පමණක් සිමා නොවි භාණ්ඩ පන්ති රාශියක් කෙරෙහි නැඹුරු විමේ ප්‍රවණතාවක් ද වර්තමානයේ දි දැකිය හැකිය.