ආංශික වෙළෙදසැල්
 

එකම ගොඩනැගිල්ලක් තුළ එක් එක් භාණ්ඩ වර්ගය සදහා එක් එක් අංශය බැගින් අංශ කිහිපයක් එකම හිමිකාරත්වයේ යටතේ පවත්වා ගෙන යන සිල්ලර වෙළෙදසැල් ආංශික ‍වෙළෙදසැල් (departmental Stores) වේ. බහු අංශ වෙළෙදසැල්, දෙපාර්තමේන්තු වෙළෙදසැල් යන නම්වලින්ද මේවා හැදින්වේ. මෙකි වෙළෙදසැලක රෙදිපිළි, සම් භාණ්ඩ, පොත් පත් හා ලිපි ද්‍රව්‍ය, විදුලි උපකරණහෙත් ද්‍රව්‍ය, ක්‍රීඩා භාණ්ඩ, පිගන් භාණ්ඩ යන ආදී අංශ තිබිය හැකිය. එක් එක් අංශය සදහා කළමනාකරුවකු සාමාන්‍යයෙන් සිටිම, පාරිභෝගිකයනට අවශ්‍ය සෑම භාණ්ඩයක් ම පාහේ රැස් කර තිබීම, පොදු කාර්ය පිරිවැය අධික විම, ආයෝජිත ප්‍රාග්ධනය විශාල වීම, ඉහළ දෛනික පිරිවැටුමක් තිබිම යන ආදිය සෙසු ලක්ෂණ අතරට ගැනේ. මෙකි වෙළෙදසැල් ජනාකිර්ණ නගරවල බොහෝ විට පිහිටවනු දැකිය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017