නැවත විකිණිමේ අරමුණින් භාණ්ඩ මිලට ගැනිමක් හෝ විකිණිමක් හෝ සිදු වේ නම් එය තොග වෙළෙදාමක් ලෙස හැදින්වේ. ඒ අනුව බලන කල ව්‍යාපාරික අරමුණින් සිදු වන මිලට ගැනිම් ද විකිණිම් ද තොග වෙළෙදාම වශටෙන් සැලකිය හැකිය.
සිල්ලර වෙළෙදාමට සාපේක්ෂ ව සලකා බැලිමේ දි තොග වෙළෙදාමක දි භාණ්ඩ විශාල ප්‍රමාණයක් ගනුදෙනුවකට අයත් වන බවත් තොග මිල, සිල්ලර මිලට වඩා අඩු වන බවත් තොග වෙළෙදාමක දි වට්ටම් බොහෝ විට ලැබෙන බවත් ප්‍රකාශ කළ හැකිය.
තොග වෙළෙදාමෙහි නිරත පුද්ගලයා තොග වෙළෙන්දා වශයෙන් හැදින්වේ. තොග වෙළෙන්දාගේ කාර්යh වන්නේ සිල්ලර වෙළෙදුන් ද භාණ්ඩ නිෂ්පාදකයන් ද අතර හෝ ගනුදෙනුවලදි අතරමැදියකු ලෙස කටයුතු කිරිමයි. ඔහු නිෂ්පාදකයාගෙන් විශාල තොග වශයෙන් භාණ්ඩ මිලට ගෙන සිල්ලර වෙළෙන්දුන්ටත් කුඩා ප්‍රමාණයේ තොග වෙළෙන්දුන්ටත් පාසල්, ආරෝග්‍ය ශාලා, සංස්ථා ආදි විශාල ආයතනවලටත් භාණ්ඩ කුඩා තොග වශයෙන් සපයයි.
තොග වෙළෙන්දුන්ගෙන් සිල්ලර වෙළෙන්දුන්ටත් නිෂ්පාදකයනටත් සැලකිය යුතු අතරමැදි සේවාවක් ඉටුවේ.
භාණ්ඩ අවශ්‍ය ප්‍රමාණයෙන් සැපයිම, භාණ්ඩ සම්බන්ධ අවශ්‍ය උපදෙස් සැපයිම, භාණ්ඩ ගෙන ගොස් භාර දිම, ණයට භාණ්ඩ සැපයිම යන මේවා තොග වෙළෙන්දාගෙන් සිල්ලර වෙළෙන්දාට සැලසෙන සේවාවලින් සමහරක් වේ.
ගබඩා පවත්වා ගෙන යමින් භාණ්ඩ රැස් කර තබා ගැනිම, සිල්ලර වෙළෙදුන් මගින් ලබා ගන්නා පාරිභෝගික ප්‍රතිචාර නිෂ්පාදකයාට දැන ගැනිමට සැලැස්විම, මුල්‍ය පහසුකම් සැලසිම, නිෂ්පාදකයා වෙනුවෙන් ප්‍රවර්ධන කටයුතු කිරිම, තේරිම්, ඇසුරුම්, දවටන වර්ගීකරණය ආදිය මගින් භාණ්ඩ විකිණිමට සුදුසු තත්ත්වයකට පත් කිරිම යන මේවා වෙළෙන්දාගෙන් නිෂ්පාදකයාට සැලසෙන සේවා සමහරකි.
තොග වෙළෙදුන්ගේ ව්‍යාපාර කටයුතුවල ස්වභාවය අනුව විවිධ වර්ගයේ තොග වෙළෙදුන් දැකිය හැකිය. නිෂ්පාදකයනට අවශ්‍ය ුමු ද්‍රව්‍ය රැස්කර සපයන තොග වෙළෙන්දෝ, අමු ද්‍රව්‍ය තොග වෙළෙදුන් ලෙස ද නිතර නිතර අවශ්‍ය වන භාණ්ඩ රැස්කර සියල්ල වෙළෙදුනට හෝ නිෂ්පාදකයනට හෝ සපයන තොග වෙළෙන්දෝ සාමාන්‍ය තොග වෙළෙදුන් ලෙස ද හැදින්වෙති. කුඩා පරිමාණ නිෂ්පාදකයන්ගෙන් භාණ්ඩ රැස්කර විශාල තොග ලෙස මහා පරිමාණ තොගවෙළෙදුනට සපයන තොග වෙළෙන්දෝ ප්‍රාථමික තොග වෙළෙදුන් වශයෙන් හැදින්වෙති. මොවුනට අමතරව, ආනයන කටයුතුවල නිරත තොග වෙළෙන්දෝ ද භාණ්ඩ ඇසුරැම් කිරිම, මිශ්‍ර කිරිම, වර්ග කිරිම, යන ආදි කටයුතුවල නිරත තොග වෙළෙන්දෝ ද තොග වෙළෙදාම සිල්ලර වෙනළෙදාම යන දෙකෙහි ම නිරත තොග වෙළෙන්දෝ ද සිටිති.
තොග වෙළෙන්දා රැස් කරන භාණ්ඩ පාරිභෝගිකයන් අතට පත් කිරිම කුළින් බෙදා හැරිමේ ක්‍රියාවලිය නිම කරන්නේ සිල්ලර වෙළෙන්දා ය. පාරිභෝගිකයන්ගේ ආකල්ප, රුචි අරුචිකම්, අදහස් උදහස් යන මේවා දැනුම් දිම ද සිල්ලර වෙළෙන්දාගෙන් තොග වෙළෙන්දාට ඉටුවන සේවාවක් වේ.