සිල්ලර වෙළෙදාම
 

පුද්ගල පරිභෝජනය සදහා අවශ්‍ය වන භාණ්ඩ හා සේවා අවසාන පාරිභෝගිකයාට විකිණිමට අදාළ සියලුම කටයුතු සිල්ලර වෙළෙදාමට (retail trade) අයත් වේ. අවසාන පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩ හා සේවා විකිණිමේ නිරත වන තැනැත්තා සිල්ලර වෙළෙන්දා ලෙස සැලකිය හැකිය.


සිල්ලර වෙළෙන්දාගෙන් පාරිභෝගිකයාටත් තොග වෙළෙන්දාටත් ඉටු වන සේවා කිහිපයකි. පාරිභෝගිකයාට පහසුවෙන් ළගා විය හැකි ස්ථානයක වෙළෙද සැල පිහිටුවා ගැනුම්කරුවන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන භාණ්ඩ රැස් කිරිම, භාණ්ඩ දැකුම්කලු ලෙස අසුරා තැබිම, අවශ්‍ය ප්‍රමාණයෙන් භාණ්ඩ විකිණිම, ඇතුම් අවස්ථාවල දි ණයට විකිණිම, පාරිභෝගිකයාට ප්‍රයෝජනවත් උපදෙස් හා තොරතුරු ද භාණ්ඩ පරිහරණයට අවශ්‍ය තාක්ෂණික උපදෙස් සැපයිම මෙන් ම විකිණිමෙන් පසු සේවා ද සැලසිම සිල්ලර වෙළෙන්දා ගෙන් පාරිභෝගිකයාට ඇතැම් විට ඉටු වන සේවාවලින් සමහරකි.

(c) Shilpa Sayura Foundation 2006-2017