මණ්ඩලයේ මුලික කාර්ය
 


  • ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනයට අදාළ වන පොදු ප්‍රතිපත්ති සහ ජාතික අපනයන සැලැස්ම සකස්කිරිම, අපනයනකරුවන් සදහා ක්‍රියාත්මක වන දිරි ගැන්විම් යෝජනා ක්‍රම පිළිබද පර්යේෂණ පැවැත්විම සහ ඒවා ක්‍රියාත්මක කිරිම.
  • සාම්ප්‍රදායික සහ සාම්ප්‍රදායික නොවන අපනයන සංවර්ධනය කිරම, අපනයන නිෂ්පාදන ගම්මාන පිහිටුවිම, අපනයන වෙළෙද පොළ අවශ්‍යතා වටහා ගැනිමට අදාළ උපදෙස් හා සහාය සැපයිම, අපනයන නිෂ්පාදිතවල තත්ත්වය හා ඇසුරුම් දියුණු කිරිම, නිෂ්පාදකයන්ගෙත් අපනයනකරුවන්ගේත් සංගම් පිහිටුවිම.
  • අපනයන නැමියාවෙන් යුත් ව්‍යාපෘති සැකසිම, මැදි හා දිගුකාලින ණය මුදල් ලබා ගැනිම සදහා ඉල්ලුම්පත් නිර්දේශ කර ඉදිරිපත් කිරිම, අපනයනයත් නැමියාවෙන් යුත් ව්‍යාපෘතිවල ප්‍රාග්ධනයට හවුල් විම, සුළු පරිමාණයේ අපනයන නිෂ්පාදකයනටත් සැකසුම්කරුවනටත් ණය මුදල් සැපයිම.
  • ගැනුම්කරු/ විකුණුම්කරු හමුවිම, වෙළෙද ප්‍රදර්ශන, වෙළෙද පොළ සමික්ෂණ හා පර්යේෂණ සංවිධානය කිරිම, විදේශ මූල්‍ය ආධාරවලින් ක්‍රියාත්මක කෙරෙන වැඩ සටහන් සම්බන්ධීකරණය කිරිම සහ ජනාධිපති අපනයන සම්මාන ක්‍රමය ක්‍රියාත්මක කිරිම.
  • අපනයනකරුවන්ගේ හමුව සංවිධානය කිරිම, වෙළෙද පටිපාටි ලිහිල් කිරිම, අපනයන ඇසුරුම් වැඩි දියුණු කිරිම, අපනයනකරුවන් පුහුණු කිරිම හා විවිධ දිරි දිම් ක්‍රියාත්මක කිරිම.

අපනයන වෙළෙද ම්‍ධ්‍යස්ථානය (export trade center) පවත්වා ගෙන යාම - විදේශ ගැනුම්කරුවනට ශ්‍රී ලංකාවේ අත්කම් කර්මාන්තකර්වන්ගේ නිෂ්පාදිත දැක බලා ගැනිමටත් ඉතා කෙටි කාලයක් තුළදි ඔවුන් මුණ ගැසිමටත් ඔවුන්ගේ කර්මාන්තශාලා නැරඹීමටත් අවශ්‍ය පහසුකම් සැලසීමටත් මෙය ක්‍රියා කරයි. මේ හැර සම්මන්ත්‍රණ පැවැත්විමට අවශ්‍ය දේශන ශාලා, ලේඛකාධිකාරි කටයුතු, සෘජු විදේශ දුරකථන ඇමතුම්, පැක්ස්, ටෙලෙක්ස්ආදි සන්නිවේදන පහසුකම් ද මෙයින් සැපයේ.

(c) Shilpa Sayura Foundation 2006-2017