ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ 1979 වර්ෂයේ දි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයත් අපනයන සංවර්ධන අමාත්‍ය සභාවත් පිහිටුවන ලදි. අපනයන සංවර්ධන අමාත්‍ය සභාවත් පිහිටුවන ලදි. අපනයන සංවර්ධන මණ්ඩලයේ විධායක හස්තය වේ. ජනාධිපතිගේ සභාපතිත්වයෙන් යුත් මේ අමාත්‍ය සභාව වෙළෙද හා වාණිජ කටයුතු, කර්මාන්ත, මුදල්, ක්‍රම සම්පාදන, විදේශ කටයුතු, ග්‍රාමිය කර්මාන්ත ඇතුළු විෂය එකොළහ භාරව සිටින අමාත්‍යවරුන්ගෙන් සමන්විත වේ.
මේ මණ්ඩලයේ අරමුණු පහත දැක්වේ.
- ශ්‍රී ලංකාව තුළ අපනයනයට හිතකර පසුබිමක් සංවර්ධනය කිරිම
- අපනයන ආශ්‍රිත නිෂ්පාදන හා වෘත්තිය සේවා පුළුල් කිරිමට අනුබල දිම
- ශ්‍රී ලාංකික නිෂ්පාදන හා වෘත්තිය සේවා නිෂ්පාදනය කරන්න්ටත්, අපනයනය කරන්නන්ටත් විශේෂ සේවා සැලසිම
ඉහත සදහන් අරමුණු ඉටු කර ගැනිම සදහා මණ්ඩලයේ අංශ කිහිපයක් ක්‍රියාත්මක වේ. ප්‍රතිපත්ති හා සැලසුම්, නිෂ්පාදන කළමනාකරණය, ව්‍යාපෘති,අලෙවි සේවා සහ වෙළෙද තොරතුරු සේවා ඒවායින් සමහරකි.
