ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව
 

මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මේ ආයතනයෙන් පහත සදහන් කාර්ය ඉටු වේ.



  • ආනයන අපනයනවලට අදාළ තීරු බදු ගණනය කිරිම සහ අය කිරිම විදේශ රටවලින් භාණ්ඩ ආනයනය කිරිමේ දි අය විය යුතු රේගු බදු ආනයනය කිරිමේ දි අය කිරිමත්මෙයින් අදහස් වේ. මේවා වරායේ දි මෙන් ම ගුවන් තොටු පොළේ දි ද අය කෙරේ. අපනයනය කරන ඇතැම් භාණ්ඩ සදහා ද තිරු බදු අය කෙරේ.
  • නිති විරෝධි ආනයන අපනයන සම්බන්ධයෙන් කටයුතු කිරිම ඇතැම් භාණ්ඩ වර්ග ශ්‍රී ලංකාවට ගෙන්විම මෙන් ම ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන යාම ද නීතියෙන් තහනම් කර ඇත. මේ නිසා එකී භාණ්ඩ අපනයනය කිරිමට හෝ අපනයනය කිරිමට හෝ උත්සාහ කරනවුනට විරුද්ධව නිත්‍යානුකුල ව කටයුතු කිරිම මෙහි දි සිදු වේ. එසේ ම එකි භාණ්ඩ ආජසන්තක කිරිම හෝ වෙන්දේසි කිරිම හෝ විනාශ කිරිමත් රේගුවෙන් සිදුවේ. මේ හැර වරායෙන් හෝ ගැවන් තොටුපොළෙන් හෝ වංචනික ලෙස පිටකෙරෙන භාණ්ඩ රේගුව භාරයට ගැනිමත් නීති විරෝධි ක්‍රියාවල යෙදෙනවුනට විරුද්ධව නීතිමය පියවර ගැනිමත් සිදු වේ.
  • ආනයන භාණ්ඩවලට අදාළ නිෂ්කාශන කටයුතුවල නිරත විම මෙහි දි ආනයන භාණ්ඩවලට අදාළ ලියවිලි පරික්ෂා කිරිමත් ඒවා රේගු අවශ්‍යතාවලට අනුකුල ව තිබේ නම් අනුමත කිරිමත් සිදු වේ.
  • ශ්‍රී ලංකාව අවට මුහුදු තිරයේ සිදු කෙරෙන හොර ජාවාරම් මැඩලිම සම්බන්ධ කටයුතු මෙහෙය විම.
  • ශ්‍රී ලංකාවට පැමිණෙන නාවික යාත්‍රා වරායට ඇතුළු විමට පෙර ඒවායේ කාර්ය මණ්ඩලවලට අයත් භාණ්ඩ, ආහාර, මත්පැන්, මුදල් යන ආදිය පර්ක්ෂා කිරිම.
  • බන්ධිත ගුදම් පවත්වා ගෙන යාම ද රේගුවෙන් ඉටු කෙරෙන කාර්යයකි. ආනයනය කළ භාණ්ඩවලට අයවිය යුතු තිරු බදු ගෙවන තෙක් ඒ භාණ්ඩ තාවකාලික වශයෙන් මේ ගුදම්වල තැන්පත් කිරිමට රේගුව විසින් කටයුතු සලසා ඇත.
  • ශ්‍රී ලංකා‍ේ ආනයන අපනයන පිළිබද තොරතුරු වාර්තා තබා ගැනිමත් ඒකි තොරතුරු අදාළ ආයතනවල ඉල්ලිම මත සැපයීමත් රේගුවෙන් සිදු වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017