බැංකු ඇප සහතික නිකුත් කිරිම
 

අපනයනකර්වනට අවශ්‍ය මුල්‍ය පහසුකම්, බැංකුවලින් ද වෙනත් මුල්‍ය ආයතනවලින් ද ලබා ගැනිම පහසු වන පරිදි තෙවර්ගයක ඇප සහතික නිකුත් කෙරේ. ඒවා පහත දැක්වේ.



  • පුර්ව නැව්ගත ඇප සහතික
  • පශ්චාත් නැව්ගත ඇප සහතික
  • අපනයන කටයුතු ඉටු කිරිමේ ඇප සහතික

ස්ථිර කරන ලද ඇණවුමක් මත හෝ අපනයන ඇණවුමක් සපුරාලිම සදහා හෝ භාණ්ඩ මිලට ගැනිම, නොනිමි භාණ්ඩ නිමි භාණ්ඩ බවට පත් කිරිම, ඇසිරිම යන ආදි කටයුතුසදහා මුල්‍ය පහස්කම් ලබා ගැනිම සරල කිරිම සදහා පුර්ව නැව්ගත ඇප සහතික උපකාරි වේ.


අපනයනය කළ භාණ්ඩ වෙනුවෙන් විදේශ ගැනුම්කරුගෙන් අයවිය යුතු මුදල පවත්වා ගෙන යාම සදහා අවශ්‍ය කාරක ප්‍රාග්ධනය වාණිජ බැංකුවකින් ලබා ගැනිම පිණිස පශ්චාත් නැවිගත ඇප සහතික කිරිම උපකාරි වේ. මේ ඇප සහතික නිකුත් කෙරෙන්නේ භාණ්ඩ තොග නැව්ගත කළ බව සනාථ කෙරෙන ලියවිලි වාණිජ බැංකුව වෙත ඉදිරිපත් කිරිමෙන් පසුවය.


අපනයනකරු බුන්වත් විම හෝ විදේශ ගැනුම්කරු ගෙවිම පැහැර හැරිම හෝ නිසා වාණිජ බැංකුවලට දැරිමට සිදු විය හැකි අලාභයෙන් නිශ්චිත ප්‍රතිශතයක් ප්‍රතිපුර්ණය කිරිම සදහා නිකුත් කෙරෙන ඇප සහතික අපනයන කටයුතු ඉටු කිරිමේ ඇප සහතික වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017