ශ්‍රී ගාංකිය අපයනකරුවනට සහාය විම සදහා පිහිටුවා ඇති ආයතනයකි. ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව. මෙය පිහිටුවිමේ අරමුණු කිහිපයක් පහතදැක්වේ.
- භාණ්ඩ හා සේවා අපනයන කරන්නන්ට ලැබිය යුතු මුදල් කවර හෝ හේතුවක් මත ොලැබිම හෝ ලැබිම ප්‍රමාද විම හෝ නිසා ඇති වන පාඩු සම්බන්ධයෙන් රක්ෂණ ඔප්පු නිකුත් කිරිම.
- පුර්ව නැව්ගත හා පශ්චාත් නැව්ගත කිරිම පිළිබද කටයුතු සදහා අවශ්‍ය මුල්‍ය පහසුකම් අපනයනකරුවනට ලබා ගැනිමට හැකි වන පරිදි බැංකුත් වෙනත් මුල්‍ය ආයතනත් වෙත ඇප සහතික නිකුත්කිරිම.
- අපනයන විවිධාංගිකරණය, නව වෙළෙද පොළවලි සොයා ගැනිම, තරගකාරි ගෙවිම් කොන්දේසි මත භාණ්ඩ අලෙවි කර ගැනිම සදහා අපනයනකරුවනට උපකාරි විම.
- විදේශිය රටවල අලෙවි සමික්ෂණ පැවැත්විම, ප්‍රචාරණය, ප්‍රසිද්ධිය යන ආදි ප්‍රවර්ධන කටයුතු කිරිමෙහිලා ඇති විය හැකි පාඩු සම්බන්ධයෙන් ඇප සහතික අපනයනකරුවනට ලබාදිම.
- අපනයන ප්‍රවර්ධනය කිරිම සදහා බැංකු සහ වෙනත් මුල්‍ය ආයතන විසින් දෙනු ලබන ණය ප්‍රතිමුල්‍යකරණය සහ ප්‍රතිමුල්‍ය ලබා දිමේ පහසුකම් සැලැස්විම.
- ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රවර්ධන සදහා විදේශ වෙළෙද පොළ අධ්‍යනය කටයුතු භාර ගැනිම, අපනයන ප්‍රවර්ධනයට අදාළ විවිධ සම්මන්ත්‍රණ හා පාඨමාලා පැවැත්විම, වෙළෙද පොළ අවස්ථාවලට අදාළ තොරතුරු එක්රැස් කිරිම හා ව්‍යාප්ත කිරිම.
ඉහත සදහන් අරම්ණු ඉටු කර ගැනිම සදහා ආයතන කරන කාර්යවලින් කිපයක් මතු දැක්වේ.
- යම් ආයෝජනයක් ආරක්ෂා කිරිම හෝ එහි අරමුණු ඉටු කර ගැනිම හෝ සදහා අවශ්‍ය විය හැකි සියලුම කටයුතු කිරිම.
- අපනයන පුළුල් කිරිමත් වැඩි දියුණු කිරිමත් සදහා අපනයනකරුවනට, බැංකුවලට හෝ වෙන යම් පුද්ගලයන්ට හෝ ඇප ඇති ව හෝ නැතිව හෝ ණය වශයෙන් මුදල් ආධාර සැපයිම.
- ශ්‍රී ලංකාව තුළ හෝ එයින් පිටත හෝ යම් ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවකට, රාජ්‍ය සංස්ථාවකට හෝ වෙනත් ආයතනයකට හෝ කළමනාකරණ, තාක්ෂණික, පරිපාලන යන මේවා සම්බන්ධයෙන් උපදෙස් හා සේවා ලබා දිම.
- ප්‍රාදේශිය හෝ අන්තර්ජාතික හෝ අපනයන ණය රක්ෂණ හෝ ප්‍රතිරක්ෂණ හෝ යෝජනා ක්‍රමවලදි වෙනත් රක්ෂණ ආයතන සමග සහයෝගයෙන් කටයුතු කිරිම.
- සංස්ථාවේ කටයුතු පහත සදහන් අයුරු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය.
