විනිමය පාලන දෙපාර්තමේන්තුව
 

විදේශ ව්‍යවහාර මුදල් සහ රත්රන් පිළිබද ගනුදෙනු, විදේශ ණය පියවිම, ආනයන සදහා ගෙවිම, අපනයන ඉපැයුම්, විදේශ ව්‍යවහාර මුදල් යොදා ගනිමින් කෙරෙන දෙපොළ පැවරිම් සහ බේරුම් කිරිම් යන ආදිය සම්බන්ධයේ 1953 අංක 24 දරන විනිමය පාලන පනතේ විධි විධාන ක්‍රියාත්මක කිරිමේ වගකිම ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය පාලන දෙපාර්තමේන්තුවට පැවරි ඇත. මෙහි කාර්ය භාරය ලුහුඩින් පහත දැක්වේ.



  • විදේශ විනිමය ගනුදෙනුවල නිරත විම සදහා බලය ලත් ආයතන ලෙස වාණිජ බැංකු පත් කිරිම.
  • බලය ලත් ආයතන මගින් විදේශ විනිමය ගනුදෙනු ක්‍රියාත්මක කිරිම. මේ යටතේ ණයවර ලිපි හා බැංකු අණකර නිකුත්කිරිම, විදේශ ව්‍යවහාර මුදල් මිලට ගැනිම, විකිණිම, හා සංචාරක චෙක්පත් නිකුත් කිරිම, අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් හා නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්පවත්වා ගෙන යාම යන කටයුතුවල නිරත විම.
  • තැපැල් කාර්යාලවලින් විදේශ මුදල් ඇණවුම් ලබා ගැනිමට අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරිම.
  • ශ්‍රී ලංකා රුපියල් නෝට්ටු රට තුළට ගෙන ඒම සහ ගෙන යැම පිළිබද සිමා පැනවිම.
  • විදේශ ව්‍යවහාර මුදල් නෝට්ටු රට තුට ගෙන ඒමට අදාළව අවශ්‍ය පියවර ගැනිම.


නිදසුන්: සංචාරකයන්, විදේශ අමුත්තන් යන ආදින් ගෙන එන විදේශ ව්‍යවහාර ම්දල් නෝට්ටු රේගුවට ප්‍රකාශ කිරිමෙන් පසු රට තුළට ගෙන ඒමට ඉඩ දිමත් ඇතැම් ව්‍යාපාරිකයනටත් හෝටල්කරුවනටත් විදේශ ව්‍යවහාර මුදල් නෝට්ටු භාර ගැනිමටත් බලය ලබා දිම.



  • ශ්‍රී ලංකා මහ බැංකුව වෙත බලය ලත් ආයතන ඉදිරිපත් කරන විදේශ විනිමය මිලට ගැනුම් හා විකුණුම් වාර්තා ඇසුරින් ගෙවුම් ශේෂ සංඛ්‍යා ලේඛන සැකසිම.

(c) Shilpa Sayura Foundation 2006-2017