වාණිජ දෙපාර්තමේන්තුව
 

ශ්‍රී ලංකාවේ විදේශ වෙළෙදාම ප්‍රවර්ධනය කිරිම මුලික අරමුණ කර ගෙන ඒ සදහා අවශ්‍ය තොරතුරු රැස් කර පවත්වා ගෙන යාම සහ සමාලෝචනය කිරිම මගින් වෙළෙද හා වාණිජ අමාත්‍යාංශයට උපදෙස් සැපයිමෙහි ලා මේ දෙපාර්තමේන්තුව නිරත වේ. මෙහි ප්‍රධාන කාර්ය සමහරක් පහත දැක්වේ.



  • ශ්‍රී ලංකාවේ විදේශ වෙළෙද ප්‍රතිපත්තිය සකස් කිරිම සදහා වෙළෙද හා වාණිජ අමාත්‍යාංශයට සහාය විම.
  • අන්තර්ජාතික සංවිධානවලදි ශ්‍රී ලංකාව නියෝජනය කිරිම. නිද: ගැට්, අන්ක්ටාඩ්
  • ද්වි පාර්ශ්වික වෙළෙද ගිවිසුම ඇති කර ගැනිම සහ ඒවා ක්‍රියාත්මකකිරිම.
  • අපනයන හැකියා ඇති නව නිෂ්පාදිත ද නව වෙළෙද පොළවල් ද නව අලෙවි ක්‍රම ද ව්‍යාපාරිකයනට හදුන්වා දිම.
  • අන්තර්ජාතික වෙළෙද ප්‍රදර්ශන හා සල්පිල්වලට සහභාගි විම.
  • වෙළෙද විමසිම් හා විදේශ වෙළෙදාමට සම්බන්ධ විවිධ තොරතුරු අපනයනකරුවන්ටත් වාණිජ මණ්ඩලවලටත් රජයේ ආයතනවලටත් සැපයිම.
  • විදේශ වෙළෙද දුත කණ්ඩායම්වලට ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් හදුන්වා දිම.
  • අන්තර්ජාතික වෙළෙද පැමිණිලි හා ආරවුල් නිරාකරණය කිරිම සදහා කටයුතු කිරිම.
  • ඇතැම් අපනයන ද්‍රව්‍ය සම්බන්ධයෙන් ප්‍රභව ස්ථාන සහතික නිකුත් කිරිම.
  • විදේශ වෙ‍ළෙද කටයුතු සදහා දිවයිනට පැමිණෙන විදේශිකයන්ගේ විසා බලපත්‍ර දිර්ඝ කිරිමට නිර්දේශ කිරිම.
  • වෙළෙදතොරතුරු හා දත්ත රැස් කිරිම, විශ්ලේෂණය කිරිම හා ප්‍රකාශනනිකුත්කිරිම.

(c) Shilpa Sayura Foundation 2006-2017