කිරුම් මිනුම් ආඥා පනත, මිල පාලන පනත පාරිභෝගිකයන් ආරක්ෂා කිරිමේ පනත යන මේවා ක්‍රියාත්මකකිරිමේ වගකිම මේ දෙපාර්තමේන්තුවට පැවරි ඇත.
මෙයට අයත් කාර්ය පහත දැක්වේ.
- ශ්‍රී ලංකාව තුළ මිනුම් ප්‍රමිති පවත්වා ගෙන යාම සහ සෙසු ආයතන වෙනුවෙන් ප්‍රමිති නියම කිරිම.
- ශ්‍රී ලංකාවේ භාවිතා කෙරෙන තරාදි, පඩි, සහ මිනුම් උපකරණ වාර්ෂිකව පරික්ෂා කර මුද්‍ර තැබිම සහ ඒ සදහා ගාස්තු අය කිරිම.
- අයුතු ලාභ ලැබිම, භාණ්ඩ සගවා තැබිම ආදි අක්‍රමිකතා වළක්වනු වස් හදිසි වැටලිම් කිරිම සහ මිලපාලන පනතේ සහ පාරිභෝගිකයන් ආරක්ෂා කිරිමේ පනතේ විධි විධාන ක්‍රියාත්මක කිරිම.
- අභ්‍යන්තර වෙළෙදාම විධිමත් කිරිම, පාරිභෝගිකයන් ආරක්ෂා කිරිම, පාරිභෝගික සමිති පිහිටුවිමට අනුබල දිම සහ රට තුළ පාරිභෝගික අධ්‍යාපනය නගා සිටුවිම.
මේ දෙපාර්තමේන්තුවේ කාර්ය ප්‍රාදේශිය ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මක කෙරේ.
