මේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යය වන්නේ රජයේ ආනයන අපනයන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිමයි. ආනයන අපනයන කටයුතු සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් රට තුළ ක්‍රියාත්මක වන නමුදු විදේශ විනිමය නාස්තිය මහ හැරවිම, කර්මාන්ත ආරක්ෂා කර ගැනිම, සෞඛ්‍යට අහිතකර ද්‍රව්‍ය ආනයනය වැළැක්විම, රටට අවශ්‍ය යැයි සැලකෙන ඇතැම් භාණ්ඩ රට තුළ රදවා ගැනිම යනආදි අරමුණු ඉටුකර ගැනිම සදහා රජය විසින් ආනයනය අපනයනය පිළිබද යම් යම් සිමා පනවා ඇත. මේ අනුව අදාළ අවස්ථාවලදි බලපත්‍ර නිකුත් කිරිමේ අධිකාරිය ලෙස මෙම දේපාර්තමේන්තුව ක්‍රියා කරයි.
