අපනයන වෙළෙද මධ්‍යස්ථානය
 

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ආරම්භ කරන ලද මෙය ශ්‍රී ලංකා අපනයනකරුවන් දිරි ගැන්විම සදහා කටයුතු කරන ආයතනයකි. අපනයන කටයුතුවල නියැලි සමහර ව්‍යාපාරිකයනට, භාණ්ඩ ප්‍රදර්ශනය කිරිමටත් විදේශිය ගැනුම්කරුවන්ට එකි භාණ්ඩ පරික්ෂා කිරිමටත් අවශ්‍ය අවස්ථාවලදි සැපයුමකරුවන් මුණ ගස්වා සාකච්ඡා පැවැත්විමටත් භාණ්ඩ පිළිබද ලිවිසුම් ඇති කර ගැනිමටත් මෙහි ඉඩකඩ සලසා ඇත. භාණ්ඩ ප්‍රදර්ශනය කිරිම සදහා කවුළු හා කුටි විශාල සංඛ්‍යාවක් ඇති මෙහි විදේශිය ගැනුම්කරුවන්සමග අදහස් ක්ෂණිකව හුවමාරු කර ගැනිම පිණිස අන්තර්ජාතික සාජු දුරකථන පහසුකම්, පැක්ස්, ටෙලෙක්ස් යන ආදි සන්නිවේදන ක්‍රම ද ඇත. අපනයනකරුවන් සහ අපනයන ක්ෂේත්‍රයට පිවිසිමට අදහස් කරන ව්‍යාපාරිකයන් මෙන් ම භාණ්ඩ ද පිළිබද ව තොරතුරු සපයන කාර්යාංශයක්ද පෞද්ගලිකව හමු වි සාකච්ඡා පැවැත්විම සදහා විශේෂ කාමර පහසුකම් ද සම්මන්ත්‍රණ සදහා ශ්‍රවණාගාර ද භාණ්ඩ සදහා ප්‍රදර්ශනාගාර ද මෙහි ඇත. ඒ හැර ආයතන පිළිබද තොරතුරු වඩාත් පහසුවේ ලබා දිම සදහා ඔවුන්ගේ නියෝජිතයන් මෙහි රැදි සිටිනු දැකිය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017